ජනාධිපති අපේක්‍ෂක වන්නට පෙර ගෝටාභය දානමය පිංකමක.. ඇමරිකා පුරවැසිකම අහෝසියේ ලේඛණ ප‍්‍රසිද්ධ කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 28, 2019

ජනාධිපති අපේක්‍ෂක වන්නට පෙර ගෝටාභය දානමය පිංකමක.. ඇමරිකා පුරවැසිකම අහෝසියේ ලේඛණ ප‍්‍රසිද්ධ කරයි..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම ජනාධිපතිවරණ කටයුතු ආරම්භ කිරීමට පෙරාතුව අගෝස්තු 11 වැනිදා පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන දානමය පිංකමකින් සිදු කරන බව වාර්තා වෙයි.
එදින පස්වරුවේ ඒ මහතා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග කියා සිටියේය.

මේ අතර තම ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීනේ ලිපි ලේඛණ 11දාට පෙර ප්‍රසිද්ධ කිරීමටද ගෝටාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

ජනාධිපති අපේක්‍ෂකත්වය ලැබීමෙන් පසු ජය ශ‍්‍රී මහා බෝධිය, දලදා මාලිගාව, මහ නාහිමිවරුන්, කතරගම දේවාලය ඇතුළු ආගමික සිද්ධස්ථාන ගණනාවක් සතියක පමණ කාලයක් තිස්සේ වැද පුරා ගැනීමෙන් පසුව කොළඹට පැමිණ මුල්ම හමුව ලෙස අගරදගුරුතුමන් හමුවීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad