ape hamuduruwo - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 28, 2019

ape hamuduruwo

බොදු බලසේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාරහිමියන්ට සිය නම වෙනස් කිරීමට සිදුව ඇතැයි එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා කියා සිටියේය.

ඒ ෆේස්බුක් සමාගම විසින් උන්වහන්සේගේ නමට වාරණයක් දමා තිබීම නිසාය.


"ගලගොඩඅත්තේ ඥාණසාර" යන නම ෆේස්බුක් පිටුවල සටහන් කළ විට ඒවා බ්ලොක්වීමේ අවධානමක් ඇතිවීම හේතුවෙන් මේ තීන්දුව ගෙන ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

ඩිලන්ත මහතා කියා සිටියේ "ගලගොඩඅත්තේ ඥාණසාර” හිමියන් ඉදිරියේදී හඳුන්වනු ලබන්නේ "අපේ හාමුදුරුවෝ” යන අන්වර්ථ නාමයෙන් බවයි.

ඒ අනුව ඉදිරියේදී ෆේස්බුක් හරහා සිය සංවිධානයේ සංනිවේදන කටයුතු සිදු කිරීමේදී අපේ හාමුදුරුවෝ යන අන්වර්ථ නම යොදා ගැනීමට තීන්දුව ඇති බව පැවසේ.

වෛරී ප්‍රකාශ දන්නෙ නැති ආණ්ඩුවේ ගෝලයෝ

වත්මන් ආණ්ඩුව විසින් ෆේස්බුක් සමාගමට වෛරී ප්‍රකාශ ඉවත් කිරීමට සම්බන්ධකර දී ඇති පුද්ගලයන් විසින් "ගලගොඩඅත්තේ ඥාණසාර” යන වෛරී ප්‍රකාශයක් ලෙස හැඳින්වෙන අයුරින් ලබාදීම ෆේස්බුක් සමාජ ජාලය තුළ එහිමියන්ගේ නම ලියූ පමණින් එය අවහිරවීමට හේතුව වී ඇති බව තොරතුරු තාක්ෂණය පිළිබඳ ප්‍රවීනයෝ කියති.

මෙය උන්වහන්සේගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එල්ලකර ඇති බරපතල තත්ත්වයක් නිසා මේ සම්බන්ධයෙන් අන්වහන්සේට මානවහිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට මෙන්ම මානවහිමිකම් කඩකිරීම යටතේ නඩු පැවරීමට හැකියාව අතැයි නීති ප්‍රවීනයෝ පෙන්වා දෙති.

අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු 08 වැනිදා වරදකරු කෙරුණු ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6 කින් ගෙවී යන සේ දඬුවම් නියම කර තිබූ අතර අදාළ දඬුවම විදිමින් සිටියදී පසුගිය මැයි මාසයේදී ජනාධිපති පොදු සමාව යටතේ උන්වහන්සේ නිදහස් කෙරුණි.

No comments:

Post a Comment

Post Bottom Ad