හිටපු අමාත්‍ය මර්වින් සිල්වා නැවතත් රාජ්‍ය නිළධාරියෙක් ගස් බඳී! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 28, 2019

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා නැවතත් රාජ්‍ය නිළධාරියෙක් ගස් බඳී!


කැකිරාව, කලාවැව, විජිතපුර බලකොටුවේ කොටසක ඇති පුරාවිද්‍යා ස්මාරක බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් විනාශ කොට එහි අඹ සහ පොල් වගා කළ ස්ථානය නිරීක්ෂණය සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඊයේ (27) පස්වරුවේ එම ප‍්‍රදේශයට පැමිණියා.

එහිදී ප‍්‍රකෝපකාරී ලෙස හැසුරුණු හිටපු අමාත්‍යවරයා චෝදනා කළේ, පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට ආණ්ඩුවට හෝ විපක්ෂයට නිසි වැඩපිළිවෙළක් නොමැති බවටයි.

 "සහරාන්ගේ ආක්‍රමණයට වඩා වැඩි ආක්‍රමණයක් මේක. අද උඹ මෙතන හිටියා නම් මං අද මෙතන උඹව ගස් බැඳලා යන්නේ. " යනුවෙන් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් ද සිය අවධානය යොමු කළ යුතු බවත්,  කලාවැව, විජිතපුර බලකොටුව මෙරට පෞඩත්වය කියා පාන ස්ථානයක් බවත් හිටපු අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

No comments:

Post a Comment

Post Bottom Ad