ඥානසාර හිමියන්ට ජනපති විශේෂ සමාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 22, 2019

ඥානසාර හිමියන්ට ජනපති විශේෂ සමාව

ඥානසාර හිමියන්ට ජනපති විශේෂ සමාව

වසර හයක සිර දඩුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ නියෝගයට අත්සන් කර ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.

ඒ අනුව අදාළ සෙසු කටයුතු සම්පූර්ණ වූ සැනින් බොහෝ දුරට හෙට පෙරවරුවේදී ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ සිර දඬුවම අහෝසි වනු ඇති බව එම ආරංචි මාර්ග කියා සිටියේය.

ඊයේ සහ අද දිනයේ අදාළ ලිපි ලේඛන කටයුතු සියල්ල අවසන් කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය අත්සන යෙදීමෙන් පසු ගැන ඥාණසාර හිමියන්ගේ සිර දඬුවම අහෝසි වන්නේ ජනාධිපති සමාව යටතේය.

No comments:

Post a Comment

Post Bottom Ad