ගම්පහින් ජීව අත්බෝම්බයක් ‌‌‌‌‌‌‌සොයා ගැනේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 22, 2019

ගම්පහින් ජීව අත්බෝම්බයක් ‌‌‌‌‌‌‌සොයා ගැනේ

ගම්පහින් ජීව අත්බෝම්බයක් ‌‌‌‌‌‌‌සොයා ගැනේ

ගම්පහ , ඉහළ ඉඹුල්ගොඩ පියරතන මාවතෙහි බෝක්කුවක් දෙපස තිබී ආරක්ෂක අංශ භාවිතා කරනු ලබන ජීව අත්බෝම්බ දෙකක් අද (22) සවස සොයා ගෙන ඇත.        

පියරතන මාවතෙහි ගමන් ගනිමින් සිටි කාන්තාවක්,  බෝක්කුව පසෙක රවුම් හැඩැති යමක් තිබෙනු දැක එය මාර්ගයේ ගමන් ගත් තරුණයෙකුට පෙන්වා ඇති අතර ඔහුට ඇතිවු සැකය මත යක්කල පොලීසියට දැනුම් දීමෙන් පසුව බෝක්කුව  අසල සිදු කළ පරීක්ෂාවේදී  එහි අනෙක් පසෙහිද තිබී තවත් බෝම්බයක් සොයා ගත් බව පොලීසිය පවසයි. 

අනතුරුව යක්කල පොලිස්ථානාධිපති එම්.එම්.ආර්.මල්ලවකුමාර මහතාගේ දැනුම්දීම මත ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි රොෂාන් විජේසිංහ මහතා සහකාර පොලිස් අධිකාරී එස්.එම්.ජේ.සමරනායක මහතා එම ස්ථානයට පැමිණ යුධ හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැඳවීමට පියවරගත් අතර එම නිලධාරීන් පැමිණ බෝම්බ දෙක නිෂ්ක්‍රීය කිරීම පිණිස රැගෙන ගොස් ඇත.

මෙම අත්බෝම්බ දෙක ළග තබාගෙන සිටි අයෙකු විසින් එම ස්ථානයට ගෙනැවිත් දමන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

අද  සවස පොලීසිය සහ යුධ හමුදාව මගින් පියරතන මාවත දෙපස  සහ කුඹුරු ප්‍රදේශය  පුර්ණ පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන තිබිණි. 

No comments:

Post a Comment

Post Bottom Ad