"අද ජාතිවාදය වෙළඳ භාණ්ඩයක් වෙලා" - දඹර අමිල හිමි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 23, 2019

"අද ජාතිවාදය වෙළඳ භාණ්ඩයක් වෙලා" - දඹර අමිල හිමි

මෙම සමාජ ක්‍රමය යටතේ ජාතිවාදය වෙළඳ භාණ්ඩයක් බවට පත්ව ඇතැයි පූජ්‍ය අඹර අමිල හිමියන් පවසයි.

කොළඹ, ලක්ෂ්මන් කදිරගාමර් ශ්‍රවණාගාරයේ පැවති ත්‍රස්ථවාදය, අන්තවාදය සහ පුරවැසි වගකීම යනුවෙන් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කරනු ලබන මහජන මන්ත්‍රණ සභාව අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළේය.

දේශපාලනය බලයට එම සඳහා එය “මාකට්“ කරන බව ද උන්වහන්සේ සඳහන් කරයි.

විශේෂයෙන් මුස්ලිම්, කතෝලික හා හින්දු අය වහාම ඉදිරියට පැමිණිය යුතු බව ද අමිල හිමියන් පැවසීය.

අනන්‍යතාවයන් නැති කරන්න දෙන්න එපා යනුවෙන් ඔවුන්ගෙන් ද ඉල්ලා සිටින බව පැවසු උන්වහන්සේ ආරක්ෂක ප්‍රශ්නයක් නම් ඇඳුම ගැලවිය යුතු බවත්, එය ආගමික අර්ථයකින් සිදු කිරිම වැරදි සහගත බව ද කියා සිටියේය.

පසුගිය දා මංගල සමරවීර මහතා මෙරට බෞද්ධ රටක් නොවේ යනුවෙන් ප්‍රකාශ කර ඇති බවත්, එවැන්නක් ප්‍රකාශ කිරීම තුළින් අනෙක් අයට ශාන්තියක් වන්නේ නම් “doesn't matter“ යනුවෙන් ද උන්වහන්සේ පැවසීය.

එවැනි ප්‍රකාශයක් අසන්නන් බුද්ධිමත්ව ඇසිය යුතු බවත්, අපේ රටේ එවැන්නක් නැති බව ද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad