තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයට සම්බන්ධ සාමාජිකයන් දහසකට (1000) අධික පිරිසක් ශ‍්‍රී ලංකාවේ සිටින බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත.
මෙම තොරතුරු ලැබී ඇත්තේ කුරුණෑගල මහ රෝහලේ රාජකාරි කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සහජහාන් නමැති තව්හිද් ජමාත් සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයාගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මතය.
තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා වූ සහරාන් හෂීම් සහ ප‍්‍රාදේශීය නායකයන් යටතේ රටේ විවිධ ප‍්‍රදේශවල පුහුණු කඳවුරු 17 ක් පවත්වාගෙන ගොස් තිබූ බව හෙළි වී ඇත. මෙම පුහුණු කඳවුරුවල පුහුණුව ලැබූ තව්හිද් ජමාත් සාමාජිකයන්ගේ සංගණනයක් කිරීමේදී එම සංවිධානයට සම්බන්ධව පුද්ගලයන් දහසකට අධික පිරිසක් සිටින බව අනාවරණය වී තිබේ.
මේ ආකාරයට පුහුණු කඳවුරුවල පුහුණුව ලැබු තව්හිද් ජමාත් ත‍්‍රස්තයන් රැසක් පිළිබඳව තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.
වනාතවිල්ලූව, නුවරඑළිය, කුරුණෑගල, සමන්තුරේ, අක්කරපත්තුව, කල්මුණේ, හම්බන්තොට, මහනුවර, ඇතුළු ප‍්‍රදේශ 17 ක තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදීන්ගේ පුහුණු කඳවුරු ස්ථාපිතකර තිබූ බව පොලිස් ආරංචිමාර්ග පැවසීය.
Thursday, May 23, 2019
Home
ප්රවෘත්ති
තව්හිද් ජමාත් ත‍්‍රස්තයෝ 1000 ක් ශ‍්‍රී ලංකාවේ - රට පුරා පිහිටි කඳවුරු 17 ක පුහුණුව ලබලා
තව්හිද් ජමාත් ත‍්‍රස්තයෝ 1000 ක් ශ‍්‍රී ලංකාවේ - රට පුරා පිහිටි කඳවුරු 17 ක පුහුණුව ලබලා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment