කොච්චිකඩේ ප්‍රහාරකයාගේ සහෝදරවරු දෙදෙනා හා සහෝදරිය අධිකරණය හමුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 23, 2019

කොච්චිකඩේ ප්‍රහාරකයාගේ සහෝදරවරු දෙදෙනා හා සහෝදරිය අධිකරණය හමුවට

කොච්චිකඩේ ප්‍රහාරකයාගේ සහෝදරවරු දෙදෙනා හා සහෝදරිය අධිකරණය හමුවට

පාස්කු ඉරු දින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාත් නැමති බෝම්බකරුගේ සහෝදරවරු දෙදෙනෙකු සහ සහෝදරියක් අද (23) දින නිරීක්ෂණය සඳහා රහස් පොලීසිය මඟින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

රහස් පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් අහමඩ් මුස්කින් අලව්දීන්, අහමඩ් මුස්තාක් අලව්දීන් සහ ෆාතිමා සුබෙයියා අලව්දීන් යන සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියට පමුණුවනු ලැබුවේය.

රහස් පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් කියා ඇත්තේ මෙම සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය කොච්චිකඩේ ශාන්ත මුනිඳුන්ගේ දේවස්ථානය තුළ සිදුකරනු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වී ඇති ආකාරය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත මෙම සැකකරුවන් තිදෙනා රඳවාගෙන පරීක්ෂණ සිදුකරන බවද රහස් පොලීසිය දන්වා ඇත.

ඒ අනුව මෙම සැකකරුවන් තිදෙනා නිරීක්ෂණය සඳහා නැවත ජූනි මස 27 වනදා නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද රහස් පොලීසියට නියම කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad