කුලියාපිටිය පහරදීමට හේතුව මුස්ලිම් ගම්මාන පරීක්ෂා කිරිමේ ගැටලුවක් බව දයාසිරි කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 15, 2019

කුලියාපිටිය පහරදීමට හේතුව මුස්ලිම් ගම්මාන පරීක්ෂා කිරිමේ ගැටලුවක් බව දයාසිරි කියයි

කුලියාපිටිය පහරදීමට හේතුව මුස්ලිම් ගම්මාන පරීක්ෂා කිරිමේ ගැටලුවක් බව දයාසිරි කියයි

කුලියාපිටිය අවට ප්‍රදේශවල සිදු වූ අවාසනාවන්ත සිදුවීම්වලට මූලික හේතුව වී තිබෙන්නේ අවට මුස්ලිම් ගම්මාන පරීක්ෂා කිරීම පිළිබඳ ඇතිවූ ගැටලුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

මුස්ලිම් ගම්මානවල සිටින පිරිස් සිංහල ජනතාව පහරදෙනු ඇතැයි බියෙන් හා සිංහල ජනතාවටමුස්ලිම් ගම්මානවල සිටින පිරිස් පහරදෙනු ඇතැයි බියෙන් පසුවන බවද හෙතෙම පවසා සිටියේය.

බුද්ධි අංශ තොරතුරු මත නිවාස දෙක තුනක් පරීක්ෂා කිරීම සිදු කරන බවත්, මෙම තත්ත්වය නිසා සිංහල ජනතාව විවිධ සැක සංකා මතුකර ගෙන සිටින බවත් ඔහු කියා සිටියේය.

මෙම ගැටුම්කාරී තත්ත්ව වැළැක්වීම ප්‍රදේශයේ මන්ත්‍රීවරයා ලෙස විශාල උත්සාහයක් ගත් බවත්, එහෙත් අතිවිශාල පිරිසක් එක් රැස්වී සිටි නිසා පිරිස පාලනය කර ගැනීමට නොහැකි වූ බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ නිසා ජනතා කොටස් දෙක අතරේම ඇති වී තිබෙන අවිශ්වාසය දුරු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද ඊයේ (14) පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මහලේකම්වරයා පවසා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad