ෂැංග්‍රීලා බෝම්බකරුගේ ඉඩමක් නගර සභාවට පවරාගැනීමට යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 15, 2019

ෂැංග්‍රීලා බෝම්බකරුගේ ඉඩමක් නගර සභාවට පවරාගැනීමට යයි

ෂැංග්‍රීලා බෝම්බකරුගේ ඉඩමක් නගර සභාවට පවරාගැනීමට යයි

කොළඹ - ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුට අයිත් බවට පැවසෙන මාතලේ - කැටවල හතමුලගාල ගමේ පිහිටි අක්කර 22 ක් පමණ ඉඩම වහාම රාජසන්තක කර එම ඉඩම කසළ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියට මාතලේ ප්‍රා‘දේශීය සභාවට පවරා ගැනීමට කටයුතු කරන ලෙස මාතලේ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වූ යෝජනාව ඒකමතිකව සම්මත විය.

මාතලේ ප්‍රාෙදේශීය සභා සභාපති කපිල බණ්ඩාර හීන්දෙනිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සභාවට පොදුජන පෙරමුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක කෝට්ටගොඩ මහතා විසින් යෝජනාව ඉදිරිපත් කළ අතර එම පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජන්ත විජේසේකර මහතා විසින් එම යෝජනාව ස්ථිර කරන ලදී.

මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක කෝට්ටගොඩ මහතා කියා සිටියේ මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කසළ බැහැර කිරීමට ඉඩමක් නොමැති නිසා සළ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී තිබෙන බව හා ඒ සඳහා මෙම බෝම්බකරුගේ ඉඩම යොදාගැනීම ඉතා යෝග්‍ය බවත්ය.

අදාළ ඉඩම ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුට අයිති ඉඩමක් බවට දැනට විමර්ශනවලදී හෙළිවී තිබෙන බවද නාලක කෝට්ටගොඩ මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad