මිනුවන්ගොඩ හරහා දිවුලපිටිය දක්වා ගමන් කරද්දී පාරේ පැවැති මාර්ග තදබදය කුමක්දැයි බැලීමට වාහනයෙන් බැස ගිය බවත්, කලබලය පිටුපස තමන් සිටින බව දක්වමින් ඒ අතරතුර ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය හා ඇතැම් වෙබ් අඩවිවල පළ කර ඇති බවත් පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මහතා පැවැසීය.
වාහන තදබදය කුමක්දැයි බලන්නට තමන් ඇතුළු පිරිස වාහනයෙන් බැස ඉදිරියට ගිය බවත් එහිදී කලබලයක් ඇති බැවින් ඉදිරියට නොයන්නැයි පොලිසිය තමන්ට පැවසූ බවත් ඒනිසා ආපසු පැමිණ වෙනත් මාර්ගවලින් දිවුලපිටියට ගිය බවත් අරවින්ද මහතා කීය.
ප‍්‍රහාරයකට යන්නේ නම් යන විදියක් ඇති බවත් තමන් ආයුධ රැගෙන එවැනි ගමනක් නොගිය බැව් මාධ්‍යවල පළවී ඇති ඡායාරූපවලින් පෙනීයන බවත් පැවසූ අරවින්ද මහතා සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටින බව සැබෑවක් වුවත් එවැනි විටෙක පිටුපසින් හිඳ කටයුතු කරන්නේ නැති බව මේ මඩ ව්‍යාපාර ගෙන යන සියලුදෙනාට කිවයුතු බවත් සඳහන් කළේය.
මේ මඩ ව්‍යාපාරයේ තමන් හදුන්වා ඇත්තේ කුලියාපිටිය ප‍්‍රහාරයන්හි මහා මොළකරු ලෙසින් යැයි ද එම ස්ථානය කුලියාපිටිය නොව මිනුවන්ගොඩ බව මඩ ප‍්‍රචාරකයින් දැන සිට නැතැයි ද කියා සිටියේය.
ඔවුන්ට උවමනා කරන ගැටුම නිර්මාණය කරන්නට මේ රටේ ගෞරවණීය මිනිසුන් සූදානම් නොමැති බැවින් මේ මංගල මඩ ප‍්‍රහාරය කිසිසේත්ම සාර්ථක වී නැතැයි ද සදහන් කළේය.
කිසිදු ගැටුමකට හවුල් නොවන්නැයි සිංහල බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින අතර ඒවා ඉලක්ක කරගනිමින් එල්ල කරන මඩ ප‍්‍රහාර හෙළා දකින් බව හෙතෙම තව දුරටත් කියා සිටියේය.
Wednesday, May 15, 2019
"මිනුවන්ගොඩින් බැස්සේ මාර්ග තදබදය ගැන බලන්න"
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment