මිනුවන්ගොඩ සිද්ධියට අත්අඩංගුවට ගත් 32 කට ඇප - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 22, 2019

මිනුවන්ගොඩ සිද්ධියට අත්අඩංගුවට ගත් 32 කට ඇප

මිනුවන්ගොඩ සිද්ධියට අත්අඩංගුවට ගත් 32 කට ඇප

මිනුවන්ගොඩ සිද්ධියෙන් පසු කළහකාරී ලෙස හැසිරීමට සැලසුම් කළැයි කියන චෝදනාවට අත්අඩංගුවට ගත් 32 දෙනාට ඇප ලබාදීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා අද (22) නියෝග කළේය.

එක් අයකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා ඇපකරුවන් සැකකරුවන්ගේ ළඟම ඥාතීන් විය යුතු බව ප්‍රකාශ කළේය.

සැකකරුවන්ට නැවත අගෝස්තු 28 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad