රියැදුරු බලපත් අයදුම් කළ සියයට 12 ක්ම වෛද්‍ය පරීක්ෂණය ‍ෆේල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 20, 2019

රියැදුරු බලපත් අයදුම් කළ සියයට 12 ක්ම වෛද්‍ය පරීක්ෂණය ‍ෆේල්


රියැදුරු බලපත් ලබාගැනීමට අවශ්‍ය වෛද්‍ය සහතික ලබාගැනීම සඳහා ඉකුත් ජනවාරි මාසයේදී ඉදිරිපත්

වූ අයදුම්කරුවන් 80,000ක
පමණ පිරිස අතුරෙන් 9686ක්වූ අයදුම්කරුවන් පිරිසක් එනම් සියයට 12ක් වෛද්‍ය
පරීක්ෂණයෙන් අසමත් වී ඇතැයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය කියයි.

මෙසේ අසමත් පිරිසෙන් සියයට 53ක් අක්ෂි ආබාධවලින්ද සියයට 10.08ක් අධිරුධිර පීඩනයෙන්ද පෙළෙන බව
වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. රථවාහන පොලිසිය මඟින් හා අධිකරණ මඟින් ශාරීරික
යෝග්‍යතාවන් පිළිබඳව වාර්තා කිරීම සඳහා රියැදුරන් යොමුකිරීම හේතුවෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය
ආයතනයේ පරීක්ෂණ සඳහා පැමිණෙන පිරිස වැඩි වී ඇතැයිද එම ආයතනය පවසයි.

කැලණිය _ කුසුම් එස්. හැන්නදි

No comments:

Post a Comment

Post Bottom Ad