කාන්තාවට මරණය කැඳවූ අනතුරින් පසු ජනනාත් රුපියල් ලක්ෂ 02ක ඇප මත නිදහස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 20, 2019

කාන්තාවට මරණය කැඳවූ අනතුරින් පසු ජනනාත් රුපියල් ලක්ෂ 02ක ඇප මත නිදහස්


කඩවත _ කිරිල්ලවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටි පදික මාරුවේදී මාරක රිය අනතුරක්
සිදු කළ වරදට පසුගිය 12 වැනිදා කඩවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර
සිටි බෙර වාදන ශිල්පී ජනනාත් වරකාගොඩ මහතා රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප සහ රුපියල් 10,000ක
මුදල් ඇප මත මුදා හැරීමට නියෝග කළ මහර මහෙස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා මෙම නඩුව ලබන
මස 29 වැනිදාට කල් තැබීය.

පසුගිය 12 වැනිදා අලුයම 5.30ට පමණ මහනුවර සිට කොළඹ බලා එමින් සිටි ජනනාත් වරකාගොඩ මහතා
විසින් පදවන ලද බෙන්ස් වර්ගයේ
මෝටර් රථයට මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පදික
මාරුවේදී අනතුරට ලක් වූ කඩවත - සූරිගම පදිංචි 68 හැවිරිදි ප්‍රීති සොබනි ද සිල්වා නමැති
කාන්තාවක් රාගම රෝහලට ඇතුළත් කිරීමට පෙර මිය ගොස් ඇත. වරකාගොඩ මහතාගේ රියැදුරු බලපත්‍රය
නඩුව අවසන් වන තෙක් අවලංගු කළ විනිසුරුවරයා ඔහු වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම පිණිස නුගේගොඩ
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙස නියෝග කළේය.

මියගිය කාන්තාව වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවා ඇති අතර වරකාගොඩ මහතා වෙනුවෙන්
ප්‍රේමනාත් දොළ වත්ත, සුදර්ශන වික්‍රමරත්න, සම්පත් මෙන්ඩිස් යන නීතිඥවරු අධිකරණය ඉදිරියේ පෙනී
සිටියේය. කඩවත පොලිසියේ රථ වාහන අංශය පරීක්ෂණ මෙහෙයවති.


හංසි නානායක්කාර

No comments:

Post a Comment

Post Bottom Ad