ගෙදර ටයිල් අල්ලන්න ආ බාස් බිරිය සමග අනියම් ඇසුරක් ඇරඹුවාට උරණවී මරන්න හදලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 5, 2018

ගෙදර ටයිල් අල්ලන්න ආ බාස් බිරිය සමග අනියම් ඇසුරක් ඇරඹුවාට උරණවී මරන්න හදලා


ගෙවීමේ ක්‍රමයට නිවසේ ටයිල් ඇල්ලීමට පැමිණි ටයිල් බාස් සිය බිරිඳ සමග ඇති කරගත් හාදකම නතර කරනෙ ලෙසට ටිපර් රථ රියැදුරකු වූ සැමියා දිගින් දිගටම ටයිල් බාස් ගෙන් ඉල්ලා සිටියත් එම සම්බන්ධය
නතර නොකිරීම නිසා උරණ වූ සැමියා ටයිල් බාස් යතුරු පැදියෙන් ගමන් කරද්දී ටිපර් රථයට යටකර දැමීමට උත්සාහ දැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ටිපර් රථ රියඳුරු පෙරේදා (3) අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලිසිය කියයි.

ටයිල් බාස් ගෙවීමේ  ක්‍රමයට ටයිල් අතුරා නිම කිරීමෙන් පසු ඒ සඳහා අය කරන කුලිය මාසිකව අය කළ අතර වාරික කිහිපයක් ප්‍රමාද වීම නිසා එම නිවසට නිතර යාම හේතුවෙන් ටයිල් අතුරන කාලයේ දී නිවසේ බිරිද සමග ඇතිකරගත් සබඳතාව දුරදිග යෑමෙන් පසු සැමියාට මේ බව සැලවී ඇති බව පොලිසිය කියයි.

බාස් හම්බන්තොට කෙයාර් ගම්මානයේ  නිවසක වැඩකරමින් සිටින අවස්ථාවේ දී ටිපර් රථ රියැදුරා මෙම ටයිල් බාස්ට පිහියකින් ගසා ඇති අතර ඉන් බේරීමට ටයිල් බාස් යතුරුපැදියෙන් පලා යද්දී හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේදී යතුරුපැදිය යටකර දැමීමට ටිපර් රථ රියැදුරා උක්සාහ දරා ඇත.
එහිදී යතුරුපැදිකරුට තුවාල සිදු වීමෙන් ඔහු  හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

රියැදුරු ටිපර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයේ යකඩ වැට හා විදුලි කණු කිහිපයක් කඩාගෙන එය
පෙරළී ඇත.  ටිපර් රථයට බරපතළ හානි වී ඇති බව පොලිසිය කියයි. සිද්ධියට සම්බන්ධ ටිපර් රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රියැදුරුට තුවාල සිදුවී ඇති හෙයින්  පොලිස් ආරක්ෂාව යටතේ හම්බන්තොටට මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට  මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad