වසර 13 කට පසු රිවිර පුවත්පතත් නවතී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 5, 2018

වසර 13 කට පසු රිවිර පුවත්පතත් නවතී


වසර 13 ක පමණ කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රධාන ධාරාවේ පුවත්පතක් ලෙස කටයුතු කළ රිවිර ඉරිදා
පුවත්පත පසුගිය 2 වන ඉරිදා කලාපයෙන් පසු නවතා දැමීමට එම රිවිර මීඩියා  ආයතනය කටයුතු කර තිබේ. අලෙවිය පහත වැටීම එහි ප්‍රධාන හේතුව වශයෙන් පැවසේ. රිවිර දිනපතා පුවත්පතද වසර 7 ක
ඇවෑමෙන් පසුගිය මැයි මාසයේ සිට නවතා තිබූ අතර මේ දක්වා පළවූයේ සතිඅන්ත පුවත්පත පමණි. එහි අලෙවිය පිටපත් 3,000 දක්වා පහත වැටී තිබූ බව පැවසේ.
රිචඩ් පීරිස් සමාගමට අනුබද්ධව ඇරඹි මෙම ආයතනය පසුව රිවිර මීඩියා කන්සල්ටන් නැමැති සමාගම මිලට ගෙන පවත්වා ගිය අතර සේවකයන් ඉවත්කිරීම හා පඩි නඩි නොගෙවීම සම්බන්ධ ප්‍රශ්න ගණනාවක්ම පසුගියදා මතුව තිබුණි.
වසර 19 ක ඉතිහාසයක් තිබුණ ලක්බිම පුවත්පතද පසුගිය සතියේ නවතා දැමුණි.
මෙම ආයතන වල සේවය කරමින් සිටි මාධ්‍යවේදීන් රැසකට මේ වනවිට රැකියා අහිමිව යාමේ ගැටලු මතුව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad