රූපවාහිනී අයිටීඑන් ලේක්හවුස් ගුවන් විදුලියට නැවතත් පරණ පුටු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 20, 2018

රූපවාහිනී අයිටීඑන් ලේක්හවුස් ගුවන් විදුලියට නැවතත් පරණ පුටු

රජයේ මාධ්‍ය ආයතන වලට දින 50 මහින්ද රජයට පෙර ඔක්තෝබර් 26 තෙක් ක්‍රියාත්මකවූ සභාපතිවරු
නැවත පරණ පුටුවලට පත් කිරීමට
නව ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර කටයුතු කර තිබේ‍. අද දින ඇමතිවරයා වැඩභාරගත් පසු පළමු කාර්ය කිහිපය අතර එම පත්වීම්  ලිපි පිළියෙල කරන ලද අතර ඔවුන්වෙත භාරදී අවසන් බවත් සවස වාර්තා විය.
ඒ අනුව ලේක්හවුස් ආයතනයේ සභාපති ලෙස ක්‍රිෂාන්ත කුරේ මහතාත්, ජාතික රූපවාහිනියේ සභාපතිනිය ලෙස ඉනෝකා සත්‍යාංගනී මහත්මියත්, ස්වාධීන රූපවාහිනියේ සභාපතිනිය ලෙස තිලකා ජයසුන්දර මහත්මිය හා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති වශයෙන් සිද්ධික් මොහොමඩ් ෆාරුක් මහතාත් හෙට වැඩ බාර ගැනීමට නියමිතය.
මුදල් හා ජනමාධ්‍ය ලේකම්වරිය ලෙස රමණී ගුණවර්ධන මහත්මිය (ජනමාධ්‍ය) පත් කිරීමට ද කටයුතු යොදා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad