පහරදීමේ සිද්ධියක් නිසා ඒකාබද්ධයේ මන්ත්‍රී රංජිත් සොයිසා දින 12 ක් රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 20, 2018

පහරදීමේ සිද්ධියක් නිසා ඒකාබද්ධයේ මන්ත්‍රී රංජිත් සොයිසා දින 12 ක් රිමාන්ඩ්


 පසුගිය 16 දින ගොඩකවෙල පොලිස් වසමේ වේරහැර ප‍්‍රදේශයේදී පිරිසක් සමග එක්ව පුද්ගලයෙකුට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා
මහතා ලබන ජනවාරි 01දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් ජනාතා රෝෂනී පෙරේරා මහත්මිය අද (20) නියෝග කළාය.

අයුතු ජන රාශියක සාමාජිකයන්ව සිටිමින් තවත් පිරිසක් සමඟ පුද්ගලයෙකුට පහර දී ඇති බවට බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දක්වා තිබු අතර මෙම

සිද්ධිය මත මන්ත්‍රීවරයා සහ තවත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට පත් වූ අතර ඔවුන්ද රිමාන්ඩ් කරන්නට නියම විය.

මන්ත්‍රීවරයාගේ නීතීඥයින් කියා සිටියේ රිමාන්ඩ් ගත කිරීම නිසා මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු රැස්වීම මගහැරෙන බවයි.

ඒ අනුව හෙට (21) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට අධිකරණයේ නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ සහභාගි කරවන ලෙසද මහේස්ත‍්‍රාත්වරිය නියම කළාය.
සිද්ධියේ දි තුවාල ලැබූ තැනැත්තා පොලිසියට කළ ප‍්‍රකාශයකින් සැකකාර මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිසක් පහරදුන් බව ප‍්‍රකාශ කර ඇතැයි දැන්වීය

සිද්ධිය සම්බන්‍ධයෙන් විමර්ශන අවසන් නැති බවත් තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිටින බවත් සැකකරුවන් ඇප මත මුදාහැරිය හොත් ඉදිරි පරීක්‍ෂණ වලට සහ ප‍්‍රදේශයේ සාමය ආරක්‍ෂා කිරීමට ගැටලු ඇතිවේ යැයි ද පොලීසිය පැවසූ අතර ඒ නිසා ඇප නොලැබිණි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට කුණු බාල්දියකින් දමාගැසීමේ සිද්ධිය නිසාද සොයිසා මන්ත්‍රීවරයා කථාබහට ලක්විය.

No comments:

Post a Comment

Post Bottom Ad