ෂාරුක් කාන් මිට්ටෙකුට රඟපාන අලුත්ම චිත්‍රපටය 'සීරෝ ' හෙට සිට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 20, 2018

ෂාරුක් කාන් මිට්ටෙකුට රඟපාන අලුත්ම චිත්‍රපටය 'සීරෝ ' හෙට සිට


දිගු නිහැඩියාවකට පසු බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් කාන් තමා විසින්ම නිෂ්පාදනය කළ 'සීරෝ' නමැති චිත්‍රපටය තුළින් හෙට 21 සිට යළි කලඑළී දැකීමට නියමිතය. ඉන්දීය රුපියල් කෝටි 200 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 515)ක වියදමින් තනා ඇති මෙම චිත්‍රපටය ෂාරුක් මෙතෙක් වැඩිම වියදම් දරා
නිපැයූ චිත්‍රපටය ලෙස සැලකේ.
ෂාරුක් කාන්, අනුෂ්කා ෂර්මා හා කත්‍රිනා කයිෆ් තුන්කොන් ආදර කතාවක් ලෙස දිග හැරෙන මෙහි ෂාරුක් රඟපාන්නේ කුඩා සිරුරක් හිමි මිට්ටෙකු ලෙසයි. චිත්‍රපටයේ සංස්කරණ ප්‍රයෝග මගින් අනෙක් චරිතවලට වඩා කුඩා ප්‍රමාණයෙන් ෂාරුක්ව පෙන්නුම් කරයි. තම ශරීර ස්වභාවය නිසා ඔහුට විවාහ සහකරුවෙකු සොයාගැනීමට අපහසු වන අයුරු කතාවේදී දිගහැරේ.

ඔහු රෝද පුටුවේ සිටින නාසා ආයතන විද්‍යාඥවරියක (අනුෂ්කා) හා බොලිවුඩ් තාරකාවක (කත්‍රිනා) හා පෙමින් වෙළෙයි.
මේ අතරවාරයේ තවත් චරිත කිහිපයක් සමග ගැටුම් හදා ගනී.
මෙම චිත්‍රපටය සඳහා තවත් සුපිරි නළු නිළියන් රැසක්ම ෂාරුක්ගේ හිතවත්කම මත සුළු චරිත සඳහා දායකවීම විශේෂිතය. ඒ අය අතර සල්මන් කාන්,කාජල්, රානි මුකර්ජි,  ආලියා බාත්, කරීස්මා කපූර්, ජුහී චව්ලා, දීපිකා පදුකෝන් සිටිති.
එමෙන්ම මෑතකදී සමුගත් නිළි ශ්‍රී දේවි ද සිය අවසන් චිතක්‍රපට රංගනය ලෙස මෙම චිත්‍රපටය සඳහා දායකත්වය සපයා ඇත.
චිත්‍රපටයේ රචනය හිමාංශු ෂර්මාගෙනි. සංගීතය අජේ අතුල් හා ටැන්සික් බග්චිගෙනි. අධ්‍යක්ෂණය ආනන්ද් එල් රායිගෙනි.
හෙට 21 සිට ඉන්දියාවේ සිනමා ශාලා 3500 ක මෙය තිරගතවීම අරඹනු ඇත.





No comments:

Post a Comment

Post Bottom Ad