ඉන්දුනීසියානු සුනාමියේ ප්‍රසංගයට මුහුදුරළ කඩැවැදුණ වෙලාවේ ජනප්‍රිය ගායකයාගේ බිරිය මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 25, 2018

ඉන්දුනීසියානු සුනාමියේ ප්‍රසංගයට මුහුදුරළ කඩැවැදුණ වෙලාවේ ජනප්‍රිය ගායකයාගේ බිරිය මරුට

https://www.gossiplankanews.com/2018/12/indonesian-pop-group-singer-to-bury-wife-killed-in-tsunami.html#more
දැනට හාරසියයකට වැඩි ගණනකගේ දිවි අහිමිවූ බවට වාර්තා පළවන ඉන්දුනීසියානු සුනාමිය නිසා අහිමිවූ ජීවිත අතර එරට ප්‍රකට ගායකයෙකුගේ නිළි බිරියද සිටින බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර තිබේ. සුනාමි තත්වය ඇතිවීමෙන් පසු අන්තර්ජාල මාධ්‍යයේ ප්‍රකට වූ සංගීත ප්‍රසංගයක් මැදට මුහුදු රළ කඩාවැදුණ අවස්ථාවේ මෙම අවාසනාවන්ත මරණය
වාර්තාවී ඇති අතර එම ප්‍රසංගය පැවැත්වූ ඉන්දුනීසියාවේ 'සෙවන්ටීන්' නමැති ප්‍රකට සංගීත කන්ඩායමේ ප්‍රමුඛ ගායකයා වූ Riefian Fajarsyah ගේ නිළි බිරිය මෙහිදී ජීවිතක්ෂයට පත්ව තිබේ.  එසේ මියගොස් ඇත්තේ එරට රූපවාහිනී නිවේදිකාවක හා නිළියක වූ Dylan Sahara බව වාර්තා කර තිබේ.
ගායක රිෆියන්  තම බිරිය භූමිදානය කරන අයුරු

දක්වා සමාජ මාධ්‍ය වෙත සංවේදී සටහනක් නිකුත් කරමින් දක්වා ඇත්තේ ' දයාබර දිලන් මට ඔබ නැතිව ජීවත්විය නොහැක.. ඔබ වෙනුවෙන් සියල්ලන් යාඥා කරනු ඇත' යනුවෙනි.

සිද්ධිය වන අවස්ථාවේ ඇය තම ස්වාමියාගේ ප්‍රසංගය නරඹහින් ඉදිරි පෙළ අසුනක සිටියාය.සුනාමි රළපහරට ලක්වීමෙන් පසු ඇය අසාධ්‍යව රෝහල් ගත කර තිබෙන අතර මියගොස් ඇත්තේ රෝහලේදීය.

මියගිය දිලන් ඉන්දුනීසියාවේ ප්‍රකට දේශපාලනඥයෙකුගේ දියණියක වූ අතර ඇය මියගොස් ඇත්තේ ඇගේ 26 වන උපන් දිනයට දිනකට පෙර වීමද විශේෂත්වයකි. එසේම ඇය 2019 වසරේ ඉන්දුනීසියාවේ මැතිවරණයක් සඳහා ඉදිරිපත්වීමට නියමිතව සිටි බවද වාර්තාවී තිබුණි.

රළපහර පැමිණි අවස්ථාවේ ප්‍රසංගය ඉදිරිපත් කරමින් සිටි ගායක කණ්ඩායමේ අනෙක් සියල්ලන්ද මරු දුටු අතර ඉතිරිවූයේ ගායක රිෆියන් පමණි.
සිද්ධිය අවස්ථාවේ වීඩියෝව පහතින්






No comments:

Post a Comment

Post Bottom Ad