ලංකාවට බලපෑ සුනාමියට අදට වසර 14 යි - මිනිත්තු 2 ක නිහඬතා සැමරුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 26, 2018

ලංකාවට බලපෑ සුනාමියට අදට වසර 14 යි - මිනිත්තු 2 ක නිහඬතා සැමරුමක්


2004 ඉන්දුනීසියාවේ ඇතිවූ ප්‍රබල භූකම්පනයක් මත ලංකාව ඇතුළු රටවල් ගණනාවකට අහිතකර ලෙස බලපෑ සුනාමි ව්‍යසනය සිදුවී වසර 14 ක් ගතවන අද (26) දිනයේදී එම ව්‍යසනයෙන් මියගිය සියලූ ජනතාව
සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලූ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ..
පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙකක කාලයක් මෙම නිශ්ශබ්දතාවය පවත්වාගෙන යන ලෙස ඔවුන් දන්වා තිබේ.
 මෙම සුනාමි අනතුර නිසා පුද්ගලයින් 227,898 ක් මියගිය අතර ඒ අතර ශ්‍රීලාංකිකයින් 35322 ක් ද ඉන්දුනීසියානුවන් 167540 ක්ද ඉන්දියානුවන් 16269 ක්ද සිටි බව වාර්තා විය.
අදට යෙදී ඇති ජාතික ආපදා සුරක්ෂිත දිනයට සමගාමීව සියලූ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් දැනුවත් කිරීමේ වැඩසටහන් සහ සර්වආගමික වැඩසටහන්ද සංවිධාන කර තිබෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad