නාමල්ගේ යයි කියූ මස්ටැන්ග් මෝටර් රථය මුදාහරී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 12, 2018

නාමල්ගේ යයි කියූ මස්ටැන්ග් මෝටර් රථය මුදාහරී


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි පවසමින්
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය 2015 වර්ෂයේදී අත්අඩංගුවට ගෙන තිබූ මස්ටැන්ග් වර්ගයේ මෝටර් රථය රුපියල් ලක්ෂ 125ක බැඳුම්කරයක් මත එහි වර්තමාන අයිතිකරු වන හර්ෂණ සිල්වා යන අයට මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් නියෝග අනුව අද (12) එම වාහනය රැගෙන ගියේය.

නාමල් රාජපක්ෂගේ බලපත්‍රයකට අනුව මිලට ගෙන මෙය හර්ෂණ සිල්වා යන අයට විකුණා තිබී ඇත්තේ ලක්ෂ 85 කට බව හෙළි විය.
කෙසේ වෙතත් මෙය නාමල් වරදකට හසුකිරීමට එෆ්සීඅයිඩීය ගත් අසාර්ථක ප්‍රයත්නයක් බවත් නිරපරාදේ වසර 2ක් පමණ වාහනය ගාල් කර තබා අබලන් තත්වයට පත් කළ බවද නාමල් හා හර්ෂණ දෙදෙනා චෝදනා කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad