වැල්ලවත්ත සම්භාහන මධ්‍යස්ථානයකික් අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 12, 2018

වැල්ලවත්ත සම්භාහන මධ්‍යස්ථානයකික් අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට


වැල්ලවත්තේ පිහිටි ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක හිමිකරු බිය ගන්වා රුපියල් පනස් දහසක මුදලක්
බලෙන් ලබා ගත් බම්බලපිටිය

පොලිසියේ දුෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අද (12) කොළඹදී අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ විමර්ෂන ඒකකය පවසයි.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා තවත් නිලධාරීන් පිරිසක් සමඟ එම ස්ථානය වටලා එහි සිටි සේවිකාවන් ගණිකා වෘත්තියේ යෙදවීම සම්බන්ධයෙන් සම්භාහන මධ්‍යස්ථානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පවසමින් බිය කර හිමිකරුගෙන් රුපියල් පනස් දහසක මුදලක් ඉල්ලා ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙලි වී ඇත.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

No comments:

Post a Comment

Post Bottom Ad