ඉම්රාන් ඛාන්ගේ දිවුරුම් දීමට ඉන්දීය - පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් වලටත් ආරාධනා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 11, 2018

ඉම්රාන් ඛාන්ගේ දිවුරුම් දීමට ඉන්දීය - පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් වලටත් ආරාධනා


පසුගියදා පාකිස්තානු මහමැතිවරණය ජයගත් තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ නායක හිටපු ක්‍රිකට් නායක ඉම්රාන්
ඛාන් අගෝස්තු 18 වැනිදා

පාකිස්තාන ජනාධිපති මන්දිරයේ දී අගමැති ලෙස දිවුරුම් දෙන අතර එම උත්සවයට වත්මන් පාකිස්තාන හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම්වල සාමාජිකයන්ට ආරාධනා කර ඇතැයි වාර්තාවේ.
පාකිස්තාන ජනාධිපති මම්නූන් හුසේන්ගේ ප්‍රධානත්වයෙන් දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙයි.
ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන සුනිල් ගවස්කාර්, කපිල් දේව් සහ නව්ජොට් සිං සිදුටත් 1992 දී ලෝක කුසලානයේ දිනූ පාකිස්තාන කණ්ඩායමේ සාමාජිකයන් වූ ජාවේඞ් මියන්ඩෑඞ්, වසීම් අක්‍රම්, රමීස් රාජා, ඉන්සමාම් උල් හක්, මුෂ්ටාක් අහ්මඞ්, මොයින් ඛාන් සහ අකීබ් ජාවේඞ් යන ක්‍රිකට් තරුවලටත් දිවුරුම් දීමේ උත්සවයට ආරාධනා කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad