පොල්ගහවෙලදී දුම්රිය දෙකක් එකට ගැටෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 6, 2018

පොල්ගහවෙලදී දුම්රිය දෙකක් එකට ගැටෙයි

පොල්ගහවෙල සහ රඹුක්කන අතර පනලිය ප්‍රදේශයේදි අද සවස 4.50 ට පමණ කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වූ සෙංකඩගල මැණිකේ දුම්රිය සහ කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වූ අංක 164 දුම්රිය
එකිනෙක ගැටී තිබේ.

ගැටීම නිසා 25 දෙනෙකු රෝහල් ගතකර ඇත.
මේ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුද ඇණ හිට ඇතැයි දුම්රිය පාලක මණ්ඩලය කියයි.
 සෙංකඩගල මැණිකේ දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී කිසියම් දෝෂයක් හේතුවෙන් නතර වීමෙන් පසු පස්වරු 4යි 50ට කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය නතර කර තිබූ දුම්රියෙහි පිටුපස ගැටී ඇති බව දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න සඳහන් කළේය.

මේ වන විට 25 දෙනෙකු රෝහල් වෙත රැගෙන ගොස් ඇති අතර තව දුරටත් තුවාලකරුවන් රෝහල් ගත කෙරෙන බවත් දැන ගන්නට ලැබී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad