A/L ලියන්න දවසකට පෙර කුඩු සමග හසුවූ සිසුවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 6, 2018

A/L ලියන්න දවසකට පෙර කුඩු සමග හසුවූ සිසුවා


අද අරම්භවූ අ.පො.ස. (උසස් පෙළ) විභාගයට ඊයේ  සූදානමින් සිටියදී පාසල් සිසුවකු හෙරොයින් සමඟ කොටුව, සිංගක්කුලිය  ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලිස් පවසයි.  මෙසේ අත්අඩංගුවට
ගෙන ඇත්තේ

ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබන 18 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි.

ඔහු එම ප්‍රදේශයේම හෙරොයින් ජවාරාම්කරුවකුගෙන් හෙරොයින් මිලදී ගෙන බස් රථයක් එනතුරු බස් නැවතුම්පොළේ රැදී සිටියදී  දංකොටුව පොලිස් බුද්ධි අංශය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. එම අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 30ක්ද සොයාගෙන ඇත.
මෙම ශිෂ්‍යයා කලක පටන් හෙරොයින් පානයට ඇබ්බැහිව සිටි අයකු බව මෙතෙක් සිදුකළ විමර්ශනවලදී හෙළ වී ඇත. ඔහු  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad