තියුණු ආයුධ පහරින් වෙන්වුණු ව්‍යාපාරිකයාගේ අත සාර්ථකව බද්ධ කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 8, 2018

තියුණු ආයුධ පහරින් වෙන්වුණු ව්‍යාපාරිකයාගේ අත සාර්ථකව බද්ධ කෙරේ


තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වීමෙන් වෙන්වී ගිය ව්‍යාපාරිකයකුගේ වම් අතේ මැණික් කටුවට පහළින් වූ කොටස සාර්ථක සැක්කමකින් පසු බද්ධ කිරීමට කරාපිටිය ශික්ෂණ රෝහලේ නහර හා අවයව බද්ධ කිරීම් හා ප්ලාස්ටික් ශල්‍ය ඒකකයේ වෛද්‍යවරු පෙරේදා (06දා) සමත් වූහ.

තියුණු ආයුධ

ප්‍රහාරයට ලක්වීමෙන් තුවාල ලැබූ මෙම පුද්ගලයා වම් අතේ මැණික් කටුවට පහළින් වූ වෙන්ව ගිය අතේ කොටසද රැගෙන කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර,මෙකී සැත්කම සදහා ප්ලාස්ටික් හා විකලංග ශල්‍ය ඒකකයේ වෛද්‍යවරුද එක්ව තිබේ.

මෙම ව්‍යාපාරිකයා හික්කඩුව පොළොන්වත්ත ප්‍රදේශයේ නිවසක පැවැති උපන්දින සාදයකට සහභාගි වෙමින් සිටියදී මෙකී ආයුද ප්‍රහාරයට ලක්ව ඇති බව හික්කඩුව පොලීසිය පවසයි.

නහර හා අවයව බද්ධ කිරීම් ඒකකයේ ප්‍රධානී විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි, විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සතිස් විජේමාන්න.  කපිලාන්, රංජන්, ගිහාන්, කසුන් ,මුදිත යන වද්‍යවරු
මෙකී සැත්කම සදහා එක්ව තිබේ.

මෙකී සැත්කම් සඳහා පැය පහක් පමණ ගතවී තිබේ. මෙම ව්‍යාපාරිකයාට තියුණු ආයුධ ප්‍රහාරය එල්ල කළ බවට පැවසෙන සැකකරු ප්‍රදේශයෙන් මේ වනවිට පළාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා හික්කඩුව පොලීසිය පරික්ෂණ පවත්වයි.

No comments:

Post a Comment

Post Bottom Ad