අමන්දොළුව කතෝලික පල්ලියේ පඬුරු දමන පෙට්ටි 3ක් බිඳලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 8, 2018

අමන්දොළුව කතෝලික පල්ලියේ පඬුරු දමන පෙට්ටි 3ක් බිඳලා

සීදුව, අමන්දොළුව ශාන්ත ෆැන්සිස් සාවේස් කතෝලික දේවස්ථානයේ පඬුරු බහාලන පෙටි 3ක් බිඳදමා ඒවායේ තිබු මුදල් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සීදුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇත. ඊයේ (6දා) අලුයම මෙම සොරකම වන්නට ඇතැයි සැක කෙරේ. දේවස්ථානයේ ප්‍රධාන දොරක් කඩාදමා
දේවස්ථානය ඇතුළත තිබූ

පඬුරු පෙට්ටියක හා දේවස්ථානය පිටත තිබූ පඬුරු පෙටි 2ක මුදල් මෙලෙස පැහැරගෙන ගොස් තිබේ.

මෙහිදී දේවස්ථානයේ සුරුවමකටද හානි වී ඇත. ප්‍රදේශවාසීන් පවසන්නේ අවට ප්‍රදේශයේ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවිය විශාල වශයෙන් වන නිසා ඒවාට ඇබ්බැහි  වූවන් නිරන්තරයෙන් මෙවැනි සොරකම් හා
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවයේ නිරත තරුණියන්ගේ රන් මාල කඩාගැනීම් බහුලව කරන බවයි.  සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සීදුව පොලිස් ස්ථානය මඟින් කරයි.


-ප්‍රසංග පාවුළුහේවා-

No comments:

Post a Comment

Post Bottom Ad