මව වෙළඳසලට යවා 5 හැවිරිදි සිඟිත්තිය අපයෝජනය කළ 46 අංකල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 7, 2018

මව වෙළඳසලට යවා 5 හැවිරිදි සිඟිත්තිය අපයෝජනය කළ 46 අංකල්

කොස්‌ගොඩ ප්‍රදේශයේ පස්‌හැවිරිදි වියේ පසුවූ පෙර පාසල් දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්‌කළ හතළිස්‌ හය හැවිරිදි වියේ පසුවූ පුද්ගලයකු කොස්‌ගොඩ පොලිසිය විසින් පෙරේදා (05 දා) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මෙම

දැරියගේ නිවසට ගොස්‌ ඇති අතර එම අවස්‌ථාවේ නිවසේ සිට ඇත්තේ දැරිය මව හා සීයා පමණි. සැකකරු විසින් දැරියගේ සීයා සමග අඩියක්‌ ගැසීමට යැයි පවසමින් ඔම්ලට්‌ එකක්‌ දැමීම සඳහා බිත්තර ගෙන ඒමට දැරියගේ මව අසල වෙළෙඳ සලකට පිටත්කොට යවා තිබේ.

පසුව සැකකරු විසින් දැරියගේ කාමරයට ගොස්‌ ඇය බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්‌කොට ඇති බැව් පොලිසිය පවසයි.

මව වෙළෙඳසළට ගොස්‌ යළි නිවසට පැමිණෙන විට සැකකරු දැරියගේ කාමරයේ සිට පිටතට පැමිණ තිබේ. මව මේ ගැන දැරියගෙන් විමසා ඇති අතර එහිදී දැරිය සියල්ල මවට පවසා තිබේ.

ඒ අනුව කොස්‌ගොඩ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ බව කොස්‌ගොඩ පොලිසිය කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad