දරුවාට අනුකම්පා කර අතින් වියදම් කළ පොලිස් කාන්තාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 7, 2018

දරුවාට අනුකම්පා කර අතින් වියදම් කළ පොලිස් කාන්තාව

දියණියගේ කරාබු දෙක හා පංචායුධය මව විසින් ගලවාගෙන සොර සැමිය සමඟ යද්දී යළි කරාබු දෙකක් හා සෙල්ලම් බඩු තම පෞද්ගලික මුදල් වැය කර අදාළ දියණියට ලබා දෙමින් ඇයගේ දුක තුනී කිරීමට කටයුතු කළ කාන්තා පොලිස් කොස්තාපල්වයක් සම්බන්ධ පුවතක් බදුරලීය පොලිසියෙන් වාර්තා වේ.  බදුරලිය
පොලිස් වසමේ කිරීගල

අද්දරගොඩ ප්‍රදේශයේ තරුණ මවක් සති කිහිපයකට පෙර අනියම් සැමියකු සමඟ පැන ගොස් තිබේ.

සිඟිති දියණියට මවගේ අඩුව නොදැනෙන ලෙස ඇයගේ ආච්චි අම්මාත් පියාත් නිරතුරු කටයුතු කරමින් සිටී.  මේ අතර පසුගිය දිනෙක දියණියගේ මව ආච්චි අම්මාට හා දියණියට එක්තරා ස්ථානයකට එන ලෙස දන්වා සිටි අතර සිගිත්තියගේ මානසිකත්වය වටහාගත් ආච්චි අම්මා සිගිත්තිය සමඟ අදාළ ස්ථානයට ගොස් තිබේ. එහෙත් සිදුවූයේ වෙනත් දෙයකි. මව තම දියණියගේ පංචායුධය හා කරාබු යුගල ගලවාගෙන දියණිය හඬද්දීම වහා එතැනින් පිටව ගොස් ඇත.

මේ සිද්ධිය වී පසුදින පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නට අදාළ සිගිති දියණිය සමඟ ඇගේ පවුලේ වැඩිහිටියන් බදුරලිය පොලිසියට ගොස් තිබේ. මුල සිට සිද්ධිය අසා සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ස්ථීසාර තීන්දුවකට එළැඹ තිබේ. එනම් සිගිති දියණියගේ මානසිකත්වය ඔසවා තැබීමට ඇයට කරාබු දෙකක් හා සෙල්ම් බඩු ලබාදීමටයි.පසු දිනම යළි සිගිති දියණියව පොලිසියට කැඳවූ ඇය තම පෞද්ගලික මුදලින් වටිනා  කරාබු දෙකක් හා සෙල්ලම් බඩු පිරිනැමීම සිදු කළාය. මේ උතුම් කටයුත්ත සිදු කළේ බදුරලිය පොලිසියේ කා.පො.කො. යමුනා (8331) මහත්මියයි

-සිරි ගමඇතිගේ-

No comments:

Post a Comment

Post Bottom Ad