කතානායක තැපල් පෙට්ටියක්.. පෙන්දා.. රූකඩයා.. හී බබා.. කරු ජයසූරියගේ දේශපාලන කීර්ති නාමය ඉවරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 7, 2018

කතානායක තැපල් පෙට්ටියක්.. පෙන්දා.. රූකඩයා.. හී බබා.. කරු ජයසූරියගේ දේශපාලන කීර්ති නාමය ඉවරයි..

අද වන විට කතානායකවරයා සම්පූර්ණයෙන්ම තැපැල් පෙට්ටියක් වී ඇතැයි මහාචාර්ය ජී.එල්. පීරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු කියා සිටියේ විරුද්ධ පක්ෂයේ නීත්‍යානුකූල අයිතිය ආරක්‍ෂා කිරීමේ වගකීම පැවරෙන්නේ කතානායකවරයාට මිස සන්ධානයේ ලේකම්වරයාට නොවන බවයි. අද වන විට එම වගකීමෙන් කතානායකවරයා මුළුවනින්ම බැහැරව ඇතැයිද ඔහු සදහන් කලේය.

මේ අතර පසුගිය පාර්ලිමේන්තු දිනවලදී විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් විසින් රූකඩයා, පෙන්දා, හීං බබා සීයා ආදී නම් වලින් මෙන්ම අසභ්‍ය වචනවලින්ද කතානාකවරයාට චෝදනා එල්ල කරනු ලැබීය. දීර්ග දේශපාලන ඉතිහාසයක් ඇති කරු ජයසූරිය මහතා එම සම්පූර්ණ කාලයේදී උපයා ගත් කීර්ති නාමය වත්මන් කතානායක ධුර කාලයේදී බරපතල ලෙස හෑල්ලු වී ඇති බව විවිධ දේශපාලන වේදිකාවලදී කියැවෙති.

No comments:

Post a Comment

Post Bottom Ad