කැලණි සරසවි සිසුවා අසුපිනි ඇල්ලෙන් වැටුනේ සෙල්ෆි ගන්න ගිහින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 22, 2018

කැලණි සරසවි සිසුවා අසුපිනි ඇල්ලෙන් වැටුනේ සෙල්ෆි ගන්න ගිහින්

සුගියදා අවාසනාවන්ත ලෙස කෑගල්ලේ අරණායක පිහිටි අසුපිණි ඇල්ල නැරඹීමට ගොස් ජීවිතක්ෂයට පත්වූ කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර ඉගැනුම් අංශයේ සිසුවෙකු වූ ධම්මික සම්පත් කුරුවිටගේ (32) එසේ
මියයාම සම්බන්ධ සිදු කළ පරීක්ෂණ අනුව ඔහු මිතුරන් සමග අනාරක්ෂිතව සෙල්ෆි ගහන්න ගොසින් සිදුවූ අනතුරක් ලෙස එය හඳුනාගන්නට ලැබී තිබේ.
ධම්මිකගේ උපන් ගම අරණායක කාල්වානය. ඔහු . ජන සන්නිවේදන විෂය පිළිබඳව ශාස්‌ත්‍රවේදී උපාධිය හදාරමින් සිටියේය. ධම්මික සංචාරයට බෙහෙවින් ආශා කළ අයෙකි.
මසකට දෙවරක්‌ හෝ තෙවරක්‌ මෙවැනි ගමන් යාම පුරුද්දක් ලෙස කළ ඔහු සති අන්තයේ නිවාඩුවට 14 වැනිදා  යහළුවන් තිදෙනකු සමග කෑගල්ලේ අරණායක පිහිටි අසුපිණි ඇල්ල නැරඹීමට ගොස් තිබුනේය.
ධම්මිකගේ යහළුවන් නිතර නිතර

ඔහුට විහිළු තහළු කළේ ඡායාරූප ගැනීමට ඔහු තුළ ඇති අප්‍රමාණ ආශාව නිසාය.

එදින අසුපිණි ඇල්ලේ ඡායාරූප සහ ඒ අවට ප්‍රදේශයේ ඡායාරූප විශාල ප්‍රමාණයක්‌ කැමරාවේ සටහන් කර ගත් ධම්මික දිය කඩිත්තක් ළඟ සිට එකවරම අවශ්‍ය වූයේ ඔහුගේ රුව සටහන් වන පරිදි අසුපිණි ඇල්ලේ ඡායාරූපයක්‌ ගැනීමටය. ධම්මිකට මොහොතකට හෝ ඒ අවස්‌ථාවේ අවදානම සිතුවේ නැත. ඔහු තම ජංගම දුරකථනය යහළුවන්ට ලබා දී ඇත්තේ තමන්ගේ ඡායාරූපයක්‌ අසුපිණි ඇල්ලේ පහළ ප්‍රදේශයේ සුන්දරත්වය මතු වන ආකාරයට ගන්න යයි පවසමිනි.
 "මචං ඇල්ලෙ පහළ හරිය ලස්‌සනට පේන්නත් එක්‌ක මගේ ෆොටෝ එක ගන්න." ඒ ඔහුගේ අවසන් වචනයි.

පින්තූරය ගන්නට කියා පවසනවාත් සමඟම එම තත්පරයේ සිතා ගන්නටවත් නොහැකි ආකාරයකට ක්‌ෂණයෙන් ධම්මිකගේ පාදයක්‌ ලිස්‌සා ගොස්‌ මිතුරන් බලා සිටියදීම මීටර් 100 ක්‌ පමණ උසින් යුතු අසුපිණි ඇල්ලෙන් පහතට ලිස්‌සා වැටුණේය. ඔහු බලාපොරොත්තුවූ සෙල්ෆිය ගන්නටද බැරිවිය. ඔහුගේ පය ලිස්සා ගියේ කැමරා ෆෝනය ලබාදෙන්නට යද්දීය.
සිදුවූ දෙය අදහගන්නට අමාරුවූ ධම්මිකගේ යහළුවන්ගේ සිරුරු දහඩියෙන් නෙත් විය. ඔවුහු ධම්මිකගේ නමින් මුළු කෑගල්ලටම ඇසෙන්නට හඬ නැගූහ. වැළපුණහ.ඒ තරම්ම වේදනාකාරී අත්දැකීමක් කිසිවෙකුට ජීවිතයේ ඇති නොවේ.
බියකරු දර්ශනය ඇසින් දුටු ඔහුගේ මිතුරන්ට විශාල කම්පනයක්‌ ඇති කළේය. පසුව ඔහුගේ සිරුර එක්වරම හමුවූයේද නැත. දින දෙකකට පසු පහළ තටාකයට වතුර පිරෙන තැන තිබී සිරුර හමුවිය.
අවදානම් සහගත ක්‍රියාවක් නිමාවූයේ එලෙසිනි.


No comments:

Post a Comment

Post Bottom Ad