විශ්වාසභංගයට පෙර : ශ්‍රීලනිප කල්ලියකින් ජාතිවාදී තර්ජනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 31, 2018

විශ්වාසභංගයට පෙර : ශ්‍රීලනිප කල්ලියකින් ජාතිවාදී තර්ජනයක්


ඊයේ (30) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් ද්‍රවිඩ සන්ධානයට සහ දමිල ජනතාවගේ දේශපාලන නිදහසට සහ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකර තිබෙන බවට සිවිල් සමාජ ක්‍රියාකාරීන් චෝදනා කරයි.
ඔවුන් පෙන්වාදෙන ආකාරයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විශ්වාසභංග යෝජනාව හමුවේ TNA පාර්ශවයේ භූමිකාව සම්බන්ධව මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා අදාළ ප්‍රකාශය සිදුකර ඇත.
රාජ්‍ය ඇමති ලක්ෂ්මන්ගේ ප්‍රකාශය
එහිදී TNA පාර්ශවයේ සහය ලබාගෙන පාර්ලිමේන්තුව තුල බහුතරය ලබා ගැනීමට කටයුතු යෙදුනහොත් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ගෙන සම්මත කිරීමට තිබෙන පනත් කිසිවක් ඉදිරියේදී කරන්නට නොලැබෙන බවත් එහෙයින් TNA පාර්ශවය සම්මුතිවාදී ආණ්ඩුව ආරක්ෂා කරන පිළිවෙතක යෙදීම බව අමාත්‍යවරයා සඳහන් කර ඇත. එසේ නොමැති නම් එය දෙමළ ජනතාවට කරන අපරාධයක් ලෙස තම පාර්ශවය සළකන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.
මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වන සිවිල් සමාජ ක්‍රියාකාරීන් සඳහන් කර සිටින්නේ අදාළ ප්‍රකාශය හරහා TNA සහ දමිළ ජනතාවට තර්ජනයක් එල්ලකර තිබෙන බවත් එහි අප්‍රකාශිත අර්ථය වන්නේ මේ මොහොතේ අග්‍රාමාත්‍යවරයාට සහය ලබාදීමට TNA කටයුතු කළහොත් සංහිඳියාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රීලනිප සහය නොලැබෙන බව දැනුම්දීම බවත්ය.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ සිව්ල් සමාජ ක්‍රියාකාරියෙකු SL News Web වෙත මෙසේ පැවසීය.
සාටකයේ සිට සම්මුති ආණ්ඩුවට කෝචෝක් දැමු අය !
" ඒ මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක සහ ජාතික සංවිධායකත් හිටියා. ඇත්තටම මේ ප්‍රකාශය කරන්න ඕන ආණ්ඩුවේ ඉන්න තවමත් ඒ වරදාන භුක්ති විඳින මේ ඇමතිලද? ඔය හිටපු මූණු තුනම එදා හිටියේ සාටකයට යටවෙලා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජ අවකාශයක් වෙනුවෙන් 2015 ජනවාරි 08 සටනට මිනිස්සු ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනකොට රාජපක්ෂ සාටකයේ සිට ඊට කෝචෝක් දමපු අය අද TNA සහ දමිල ජනතාවට අයිතිවාසිකම් දිනාගන්න නම් වැඩකරන්න ඕන විදිහ කියා දෙන්න එනවා.
රාජපක්ෂ රෙජීමය ශ්‍රීලනිපයේ බලය නැවත අල්ලලා !
මේ තර්ජනය ශ්‍රීලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ සිට කිරීම ගැන අපි පුදුම වෙන්නේ නෑ. මොකද අද වෙනකොට මහින්ද රෙජීමය ශ්‍රීලනිපය නැවත අත්පත්කරගෙන අවසන්. ඒ නිසා අන්තිම මොහොත වනතුරු ඔහුගේ පාමුල හිටපු අය අද වීරයෝ වගේ මාධ්‍ය හමුවල විකාර කියවනවා.
දේශපාලන අයිතිවාසිකම් තීන්දු කරන්න පිං ඇමතිලාට පුළුවන්ද?
විශ්වාසභංග යෝජනාවට සහය දෙනවාද නැද්ද යන්න තීරණය කරන්නේ TNA මිසක් පිං ඇමතිලා නෙවෙයි. එයාලා කවුද මේ තර්ජන කරන්න. ඒ වගේම TNA මොන තීන්දුවක් ගත්තත් සංහිඳියාව වෙනුවෙන් වැඩ පිළිවෙලට අත තියන්න මේ කාටවත් බෑ. දැනටත් මානව හිමිකම් කොමිසම රතු එළි දල්වලා තියෙන්නේ. ඒ නිසා ඒවා තේරුමක් නැති බොරු චණ්ඩි පාර්ට්.
රාජපක්ෂලාට සම්බන්දන් ගැන වෛරයක් තියනවා
ඒත් මේ ප්‍රකාශය හමුවේ විකෘති කරන දේශපාලන පසුබිමක් තියනවා. ඒ තමයි ජාතික ආණ්ඩුව හෝ සම්මුති ආණ්ඩුව කියන්නේ මහින්ද මෛත්‍රී පාර්ශවයේ එකකට නෙවෙයි. ජනවාරි 08 බලවේග ගොඩනගපු එජාප - ශ්‍රීලනිප ආණ්ඩුවට තමයි සම්මුති ආණ්ඩුව කියන්නේ. ඒ ගෙනාවේ ජනතා වැඩපිළිවෙලක් ජයග්‍රහණය කරවන්න. ඒ මිසක් මේ ජනවරම වෙනුවෙන් වතුර වීදුරුවක් ඇද්දේ නැති බොරු පම්පෝරි කාරයන්ගේ කතා අහන්න නෙවෙයි. අපි දන්නවා රාජපක්ෂවරුන්ගේ පොහොට්ටුවේ දේශපාලන අනාගතය ගැන සම්පන්දන් මහතා කළ ප්‍රකාශය නිසා මහින්ද වාදීන්ට ඔහු සමඟ වෛරයක් තියනවා. එයයි මේ එලියට එන්නේ.
ජනවාරි 8 : ලොක්කන්ට අමතක වුණාට අපිට මතකයි
කොහොම නමුත් මේ ගැන වන අපේ ප්‍රතිචාරය අප්‍රේල් 5 සිට බලන්න කියලා විතරයි කියන්නෙ. ජනවාරි 08 ප්‍රධානීන්ට මුල අමතක වුණානම් අපි ආය මතක් කරන්න ගන්නවා. ඔය මොන ජගතා ආවත් සංහිඳියාවට එරෙහි කිසිම ප්‍රතිපත්තියක් ආපසු හරවන්න ඉඩ තියන්නේ නෑ. ඒ නිසා අපි අපේ සහෝදර දමිල මුස්ලීම් ජනතාවට කියන්නේ ඔබේ දේශපාලන තීන්දුව ඔබ නිදහසේ ගන්න. ජාතිවාදය පරාජය කරන්න සහ මේ පුස් තර්ජන වලට එරෙහිව අපි ඔබ සමඟ සිටිනවා.
4,123 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad