‘හොංකොං බ්ලිට්ස්’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (10 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයකදී වේගවත් ලකුණු 94 ක් රැස්කරමින් ගැලැක්සි ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් තරගයට රැගෙන යෑමට කුමාර් සංගක්කාර සමත් විය.
සංගක්කාරගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් සිටි කයිතක් කණ්ඩායමට එරෙහිව පැවැති එම තරගයෙන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට කඩුලු 5 ක ජයක් හිමිවිය. ජයග්‍රහණය සඳහා ලකුණු 137 ක ඉලක්කයක් හඹාගිය ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ ඕවර 18.2 අවසානයේ කඩුලු 5 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කරමින් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය සංගක්කාර, හයේ පහර 7 කින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය අලංකාර කළේය.
ඒ සඳහා ඔහුට වැය වූයේ පන්දු 56 ක් පමණි. පළමුවෙන් පන්දුවට පහරදුන් සිටි කයිතක් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ රවී බොපාරා පන්දු 30 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 37 ක් රැස්කළ අතර කයිල් කොයෙට්සර් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 24 ක් රැස්කළේය. දක්ෂ පන්දු යැවීමක නිතර වූ ජේඞ් ඩර්න්බැච් සහ ජෙම්ස් ෆ්‍රෑන්ක්ලින් කඩුලු 3 බැගින් දවාගනිමින් සිටි කයිතක් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට දායක වූහ.
සිටි කයිතක් කණ්ඩායම – ඕවර 18.1 කදී සියලු දෙනා දැවී 136
(කයිල් කොයෙට්සර් 24, ජෙමී ඇට්කින්සන් 17, රවී බොපාරා 37, රයද් එමිර්ට් 18, ජේඞ් ඩර්න්බැච් 21/3, ජෙම්ස් ෆ්‍රෑන්ක්ලින් 24/3)
ගැලැක්සි ග්ලැඩියේටර්ස් කණ්ඩායම – ඕවර 18.2 කදී 5 ක් දැවී 139
(කුමාර් සංගක්කාර නොදැවී 94, කැමරන් ඩෙල්පොට් 15, සැමුවෙල් බද්‍රි 12/3)
Sunday, February 11, 2018
සංගාගේ වික‍්‍රමයෙන් ‘ග්ලැඩියේටර්ස් පිළ’ අවසන් තරගයට
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment