අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පාලිසේන අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 4, 2018

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පාලිසේන අත්අඩංගුවට


අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පාලිසේන 
අත්අඩංගුවට


පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පාලිසේන යන අය අද පෙබ 4 උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොල්ලුපිටිය, මල්පාරේ පිහිටි අර්ජුන් ඇලෝසියස් ගේ නිවසට ගිය පොලිස් නිලධාරීන්
ඔහුව අත්අඩංගුවට

ගෙන ඇති අතර කසුන් පාලිසේන  වැල්ලවත්ත, අර්තුසා මාර්ගයේ පිහිටි ඔහුගේ නිවසකදී අත්අඩංගුවට ගෙන ඇත.

මහ බැංකු බැඳුම්කර සම්බන්ධ විමර්ශනයන්ට අදාළව  අභ්‍යන්තර රහස්‍ය මූල්‍ය සංවේදීතාවක් ඇති තොරතුරු භාවිත කිරීම, කුමන්ත්‍රණය කිරීම හා අනුබල දීම යන වැරදි සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා අධිකරණයට පොලිසිය කරුණු වාර්තා කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් දෙන්නට ඔවුනට දන්වා තිබුණි.

ඔවුන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

No comments:

Post a Comment

Post Bottom Ad