පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණෝ අපවත් වෙති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 3, 2018

පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණෝ අපවත් වෙති


පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණෝ 
අපවත් වෙති

ඊයේ (2) උදෑසන විහාරස්ථානයේ ඇතෙකු කළ පහරදීමක් නිසා බරපතල තුවාල ලැබූ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණෝ අද දහවල් අපවත්වූ බව සාතිශය සංවේගයෙන් යුතුව වාර්තා කරන්නට සිදුව තිබේ.
තුවාල ලද අවස්ථාවේ කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබුණ උන් වහන්සේගේ ඉල ඇට බිඳී තිබුන අතර
වෛද්‍යවරුන්

සැත්කමක් නිර්දේශ කර ඒ සඳහා  කොළඹ ආසිරි සර්ජිකල් පුද්ගලික රෝහල වෙත මාරු කර යවන ලදි. 

එම සැත්තම එහිදී  සිදු කළ නමුත් උන් වහන්සේගේ අසාධ්‍ය තත්වයෙන් මුදවාගන්නට බැරිව ගිය අතර අද (3) දහවල්  එම රෝහලේදී අපවත්වී වදාළහ.

අපවත්වනවිට 77 වන වියෙහි පසුවූ බෙල්ලන්විල විහාරාධිපති හිමිපාණන් ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ කුලපති ලෙසද කටයුතු කරමින් සිටියහ.

පන්සලේ ගාල් කර තිබූ මියන්කුමාර නම් ඇතාට සියඹලා ආහාර ලබා දීමට යැමේදී ගල් වැලි සහිත ස්‌ථානයක ඇද වැටීමෙන් උන්වහන්සේ තුවාල ලබා තිබුනි. මුඛයට ආහාර දමන අවස්‌ථාවේ ඇතාගේ දළ වලට උන්වහන්සේ තල්ලුවී මෙම තුවාල ඇතිවූ බවද පැවසිණි.

No comments:

Post a Comment

Post Bottom Ad