''ඔබේ පුරුෂෝත්තමවාදය පසුවට තබා ගන්න'' මමත් ඉගනගන්න ගමන් මත්පැන් අලෙවි සැළක සේවය කරනවා . සරසවි සිසුවියකගෙන් ජනපතිට ටිව්ටර් පණිවිඩයක්..!! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 16, 2018

''ඔබේ පුරුෂෝත්තමවාදය පසුවට තබා ගන්න'' මමත් ඉගනගන්න ගමන් මත්පැන් අලෙවි සැළක සේවය කරනවා . සරසවි සිසුවියකගෙන් ජනපතිට ටිව්ටර් පණිවිඩයක්..!!

කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම සඳහා පනවා තිබු තහනම මංගල සමරවීර අමාත්‍යවරයා විසින් ඉවත් කලද යළි එම තහණම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් යළි බලගන්වනු ලැබුවා. ඒත් සමඟම බොහෝ දෙනාගේ අවධානය එම කරුණ දෙසට යොමුවුනා සේම සමාජ මාධ්‍යයන් තුලද ඒ පිලිබඳ වැඩි වශයෙන් කතාබහකට ලක්වුනා.

කෙසේ නමුත් බොහෝ දෙනා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ  ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා තවත් බොහෝ දුරක් යා යුතුව තිබෙන බවයි. මේ පිළිබඳව වැදගත් අදහස් එක්කරමින් එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉගෙනුම ලබන කාවින්ද්‍යා තෙන්නකෝන් සිසුවිය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ට්වටර් පණිඩිඩයක් නිකුත් කර තිබුනා. එහිදී තමන්ද ඉගනුම ලබන අතරවාර‍යේ මත්පැන් අලෙවි සැලක සේවය කරන බව සඳහන් කර තිබීම විශේෂත්වයක්.

''මම ශ්‍රී ලාංකික කාන්තාවක්, මම අධ්‍යාපනය ලබන අතරතුර මත්පැන් හලක සේවයේ නිරත වනවා.ඔබේ රටේ කාන්තාවෝ තමන් ගැන තීන්දු ගන්න තරම් ස්වාධීනයි. දවස් දෙකකට කලින් තරුණ ගැහැණු ළමයෙකු දුෂණය කර තිබුණා. එවැනි සැබෑ ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්න. ඔබේ පුරුෂෝත්තමවාදය පසුවට තබා ගන්න."



No comments:

Post a Comment

Post Bottom Ad