කොකේන් කිලෝ 928 ක් තත්පර 4 කින් අතුරුදන් කළ හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 16, 2018

කොකේන් කිලෝ 928 ක් තත්පර 4 කින් අතුරුදන් කළ හැටි

කොකේන් කිලෝ 928 ක්
තත්පර 4 කින් අතුරුදන් කළ හැටි

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් 2016 වසරේදී අත්අඩංගුවට ගන්නා ලද බිලියන 16.7ක් වටිනා කොකේන් කිලෝග්‍රෑම් 928යි ග්‍රෑම් 229හි ප්‍රමාණය විනාශ කිරීම සඳහා දියර බවට පත් කිරීමේ ක්‍රියාවලිය කටුනායක ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේදී ඊයේ ජනපති අගමැති ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙරටින් අත්අඩංගුවට ගන්නා ලද මත්කුඩු මෙතරම් ප්‍රමාණයක්
ප්‍රසිද්ධියේ විනාශ කළ ප්‍රථම අවස්ථාව මෙය වෙයි. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතාගේ අධීක්‍ෂණය යටතේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන්ගේ සහාය ඇතිව සිදු වූ එම ක්‍රියාවලිය නිරීක්‍ෂණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පොලිස්පති පූජිත් ජයසුන්දර, පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම කොකේන් තොගය පරීක්‍ෂා කොට එහි බර කිරා සටහන් කර ගැනීමෙන් අනතුරුව රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නියැදි පරීක්‍ෂාවක් කිරීමෙන් පසුව රසායනික ද්‍රව්‍ය මිශ්‍රිත ජලයට දමා දියර බවට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කෙරිණි. මෙම කොකේන් තොගය විස මත්ද්‍රව්‍ය, අබිං සහ අන්තරාදායක ඔෟෂධ ආඥා පනතේ වගන්ති ප්‍රකාරව අධිකරණ නියෝග මත කටුනායකදී දියර කර විනාශ කිරීමෙන් අනතුරුව විශේෂ රථයක දැඩි පොලිස් රැකවල් මැද පුත්තලම පිහිටි සංස්ථා සිමෙන්ති සමාගම් ආයතනය වෙත රැගෙන යෑමට පියවර ගත්තේය.

ඉන් අනතුරුව සෙල්සියස් අංශක 1800-2000ත් අතර උෂ්ණත්වයක් යටතේ ස්ථාපිත උදුනක් තුළ දියර වුණු මෙම කොකේන් තොගය දහනය කරනු ලැබීය. ඒ අනුව මෙම දියර වූ කොකේන් තොගය තත්පර 4ක් 6ත් අතර කාලය තුළ විනාශ වී ඇත.








No comments:

Post a Comment

Post Bottom Ad