ඊළඟ ජනපතිවරණය ලබන 2019 වසරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 16, 2018

ඊළඟ ජනපතිවරණය ලබන 2019 වසරේ


ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 5ක් බවට ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශයට පත් කිරීමෙ අනුව ඊළඟ ජනාධිපතිවරණය ලබන වසරේ (2019) පැවැත්වීමට අනිවාර්යයෙන්ම සිදුවන බව දේශපාලන ලෝකයේ සාකච්ඡාවට ලක්ව තිබේ.

ව්‍යවස්ථාවේ 31 (3) වගන්තියට අනුව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉවත්වීමට පෙර, මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාල සීමාවක් තුළ පැවැත් විය යුත්තේය.

වර්තමාන ජනාධිපතිවරයා දිවුරුම් දුන්නේ 2015 ජනවාරි මස 09 වැනිදාය. ඒ අනුව ඔහුගේ ධුර කාලය අවසන් වන්නේ 2020 ජනවාරි 09 වැනිදායි. තත්ත්වය එසේ වුවත් ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම ව්‍යවස්ථාවේ දක්වන නියමයන්ට අනුව 2019 නොවැම්බර් 08 සිට දෙසැම්බර් 08 දක්වා අතර කාලයේදී පැවැත්විය යුතුය.

No comments:

Post a Comment

Post Bottom Ad