වසර 18 ට පසුව අලුත් වන ශ්‍රී ලංකා සිතියම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 15, 2018

වසර 18 ට පසුව අලුත් වන ශ්‍රී ලංකා සිතියම



ශ්‍රී ලංකාවේ භූගෝලීය සිතියම අලුතින් සකස් කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. නව ශ්‍රී ලංකා සිතියම 1: 50000 පරිමාණයේ සිතියම් 92කින් සමන්විත වන අතර එයින් සිතියම් 65ක කටයුතු දැනටමත් අවසන් වී ඇති අතර ඉතිරි සිතියම් 27 ඉදිරි මාස කිහිපය තුළ සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව රජයේ මිණුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා පැවසීය. 

ශ්‍රී ලංකාවේ සිතියම මෙසේ යළි සකස් කරනු ලබන්නේ වසර 18කට පසුවය. මේ කාලය තුළ ශ්‍රී ලංකා භූමියේ වෙනස්කම් රැසක් සිදු වී තිබෙන අතර නව සිතියමට අලුතින් ඉදිකරගෙන යන කොළඔ වරාය නගරයද ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයන්හි ගොඩවීමක් දක්නට ලැබෙන අතර හලාවත වෙරළ තීරයේ අඩුවිමක් සිදු වී ඇති බව නව සිතියම් වලින් පෙනී යන බව ද මිණුම්පති උදයකාන්ත මහතා පැවසීය.

නව ශ්‍රී ලංකා සිතියම චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමින් සකස් කරගෙන යන අතර එහි කටයුතු සම්පූර්ණ වූ පසු නව සිතියම මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ද ඇතුලත් කරන බවත් මිණුම්පති වරයා තවදුරටත් කීය.

No comments:

Post a Comment

Post Bottom Ad