නත්තල් උත්සවය නිමිත්තෙන් ලේක්හවුස් ආයතනයේ පැවැත්වීමට නියමිත නත්තල් කැරොල් ප්‍රසංගයට සහභාගී වීම සියලු සේවකයන්ට අනිවාර්ය කර තිබේ. මෙම මස 22, 23, 24 දිනවල ලේක්හවුස් පරිශ්‍රය ඉදිරිපිට පැවැත්වීමට කටයුතු යොදා ඇති මෙම ප්‍රසංගය නැරැඹීමට කිසිවකුත් නොමැති වෙතැයි මෙම තීන්දුව ගෙන ඇතැයි සේවකයෝ කියති.
අංශ ප්‍රධානීන් ලවා සේවකයන්ට බලපෑම් කරමින් දින තුනම කැරොල් බලන්නට පැමිණෙන බවට සේවකයන්ගේ අත්සන සහිත ලිපි ලබාගැනීමට මේ වන විටත් කටයුතු කරමින් තිබෙන බව ලේක්හවුස් ආරංචි මාර්ග තහවුරු කරයි. නත්තල වෙනුවෙන් ලේක්හවුස් ආයතනය විසින් සංවිධාන කරන දෙවැනි කැරොල් ප්‍රසංගය මෙය වන අතර දින දෙක තුනකට උඩ දී ආයතනය තුළ ද මෙවැනිම කැරොල් ප්‍රසංගයක් පැවැත්විණි.
ලේක්හවුස් ආයතනය විසින් දිර්ඝ කාලයක් තිස්සේ සංවිධානය කළ ලේක්හවුස් අමාදහර වෙසක් කලාපය මෑතකදී නවතා දැමුණේ බෞද්ධ සංගමයේ ද දැඩි විරෝධය නොතකමිනි. වියදම් අධික බව කියමින් වෙසක් කලාපය නතර කළ පාලකයන් නත්තල් කැරොල් උත්සවවලට මිලියන ගණන් මුදල් වැයකිරීම සම්බන්ධයෙන් සේවකයන් දැඩි කලකිරීමට පත්ව ඇත.
දීර්ඝ සති අන්ත නිවාඩුවක් සහිත නත්තල් සමය නිවැසියන් සමඟ ගත කරන්නට නොදී කැරොල් ප්‍රසංගය නැරඹීම සඳහා බලහත්කාරය යොදවමින් සේවකයන්ගේ අකමැත්ත මත ගෙන්වා ගැනීමට ප්‍රධානීන් බලකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත පැමිණිලි කිරීමට සේවකයෝ සූදානමින් සිටිති. සාමයේ කුමාරයා වන ජේසුස් වහන්සේගේ උපත සමරන නත්තල් දා අහිංසක සේවක සේවිකාවන් හට බලහත්කාරයෙන් සාමයේ පණිවිඩය ඇස්සවීමට සැලැස්වීම කතෝලික දහමටම කළ නිගාවක් බවත් ආයතනයේ සේවකයෝ කියති.
– FB
Friday, December 22, 2017
සහජීවනය දෝරේ ගලයි… බෞද්ධයන්ටත් ලේක්හවුසියේ කැරොල් අනිවාර්යයි..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment