ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරාට පවරන්නට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තේ එකදිගට සිදුවූ පරාජිත ගමනට තිත තැබීමේ අරමුණින්. කෙසේ වුවත් පසුගියදා පැවති පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරඟය ලකුණු 93 කින් ජය ගන්නට ඉන්දීය කණ්ඩායම පසුගිය බදාදා (20) සමත් වුණා.
කථක් හී පැවති මේ තරගයේ දී ඉන්දියාව රැස් කළ ලකුණු 180 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 87 ක් පමණයි. මේ අතර ඉන්දීය ඉනිමේ අවසන් පන්දුවාරයේදී සිදුවූවක් බොහෝ දෙනාගේ අවධානයට යොමු වුණා. ඒ නායක තිසර පෙරේරා අවසන් පන්දු වාරයේදී පන්දු යවමින් සිටි අවස්ථාවක පන්දු රකිමින් සිටි අකිල ධනංජයට නොගැලපෙන වචනයෙන් බැණ වැදීම සම්බන්ධයෙන් වූ සිද්ධියයි.
මේ අතර සමාජ ජාලා මගින් බොහෝ දෙනෙකු චැම්පියන්ස් කුසලාන තරගාවලියේ සිදුවූක්ද සිහියට නංවා තිබුනා.
Friday, December 22, 2017
පිටිය මැදදී නායක තිසර අකිලට බැනවැදුණු හැටි මෙන්න(VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment