මත්තල ගුවන් තොටුපොළ ඉන්දීය සමාගමකට දෙන්න සාකච්ඡා ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 13, 2017

මත්තල ගුවන් තොටුපොළ ඉන්දීය සමාගමකට දෙන්න සාකච්ඡා !

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉන්දීය සමාගමකට ඇමෙරිකන් ඩොලර් මිලියන 207කට බදු දීම වෙනුවෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවැසීය.

මේ සාකච්ඡා සාර්ථක වුවහොත් වසර 30ත් වසර 50ත් අතර කාලයකට
මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට බදු දී රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පසුගිය මාසයේ මත්තල ගුවන් තොටුපොළෙහි ආදායම රුපියල් ලක්ෂ 60ක් බවත් වියදම රුපියල් ලක්ෂ 1850ක් බවත් පෙන්වා දෙන අශෝක් අබේසිංහ මහතා මසකට රුපියල් ලක්ෂ 2,500 බැගින් අවුරුදු 15ක් මේ ගුවන් තොටුපොළ වෙනුවෙන් ණය ගෙවන්නේ කෙසේද කියා ප්‍රශ්න කරයි.

එම නිසා මත්තල ගුවන් තොටුපොළ ඉන්දීය සමාගමක් සමඟ එක්ව තවදුරටත් සංවර්ධනය කර ආසියාවේ ප්‍රමුඛ ගුවන් තොටුපොළක් බවට පත් කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.


-මව්බිම

No comments:

Post a Comment

Post Bottom Ad