දුම්රිය වර්ජනය අඛණ්ඩව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 13, 2017

දුම්රිය වර්ජනය අඛණ්ඩව

දුම්රිය වර්ජනය අඛණ්ඩව
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක වන බව වාර්තා වේ. දුම්රිය සේවකයින් දියත් කර ඇති වැඩවර්ජනයට අදට දින හතක් සපිරෙයි.

පසුගිය බදාදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම වැඩවර්ජනය ආරම්භ කෙරිණි. දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා පැවසුවේ රජය විසින් නිසි මැදිහත්වීමක් මේ වන තෙක් වර්ජනය අවසන් කිරීම සඳහා සිදුකර  නොමැති බවයි.

මේ අතර දුම්රිය අතිරේක මෙහෙයුම් සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා පැවසුවේ මෙතෙක් සේවයට වාර්තා නොකළ දුම්රිය සේවකයින් හට යළි සේවයට පැමිණීමට අද දිනය දක්වා කල් ලබාදී ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad