සයිටම් උපාධිය බාගෙට කළ අයට C2 S1 නැතිනම් වෛද්‍යවරයෙකු විය නොහැකියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 13, 2017

සයිටම් උපාධිය බාගෙට කළ අයට C2 S1 නැතිනම් වෛද්‍යවරයෙකු විය නොහැකියි


පසුගියදා රජයේ තීරණයක් මත වසා දමන්නට කටයුතු යෙදුණ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ මේ දක්වා උපාධිය හදාරමින් සිටි සිසුන් සම්බන්ධයෙන් සිදු කළ යුතු දේ අදාළ කමිටුව මගින් නිර්දේශ කර තිබුනේ ඔවුන්ට ප්‍රමිතිගතව උපාධිය පිරිනමා අවසන් කළ යුතුය යන්නයි.

මෙම ප්‍රමිතිය පිළිබඳ තීරණය ඊයේ කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී අවධානයට යොමුව ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ දැනට උපාධිය අඩ වශයෙන් නිම කළ අය අතුරින් අවම C2 S1 උසස් පෙළ සුදුසුකම් ඇති අය පමණක් උපාධියේ ඉතිරි කොටස සම්පූර්ණ කර වෛද්‍යවරුන් වීමට අවසර දිය යුතු බවකි.

මේ අනුව සයිටම් අධ්‍යාපනය හදාරමින් සිටි ඊට අඩු සුදුසුකම් ඇති අයට උපාධිය හිමි නොවනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad