තමාව හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙන් කිරීමෙන් කාටවත් වාසියක් නොමැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (12දා) දින මහනුවරදී දළඳා මාළිගාව වැද පුදා ගැනීමෙන් අනතුරුව ඔහු මේ බව ප්‍රකාශ
කළේය. අපි වෙන් කිරීමේ කුමන්ත්‍රණයක් නෑ. ස්වාධීන මත ඉදිරිපත්
කිරීමට කාටත් අයිතිය තිබෙනවා.මාවයි සිරිසේන මහත්තයයි වෙන් කළා කියලා ඒ අයට තිබෙන වාසිය මොකක්ද? එහෙම එකක් නෑ. ඒක බොරු කතාවක්. අපි සමගියට කැමතියි. සම්පත් විකුණන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දායක වුණා. දැන් ක්‍රියාත්මක වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති. අපේ කට්ටිය ගිහින් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට උපකාර කරනවා.
මේ ආණ්ඩුව අවුරුදු තුන ඇතුළත කරපු දේවල් පිළිබඳව රටේ ජනතාව දන්නවා. ආර්ථිකය කඩා වැටිලා. විරැකියාව වැඩි වෙලා. ජීවන වියදම අහසටත් උඩින් නැගලා දැන්. මේවට දායක වෙන අය සමග ගිවිසුමක් ගැහුවොත් අපිත් එකේ කොටස්කාරයෝ වෙනවා. අපි කියන්නේ මේකෙන් පොඩ්ඩක් ඉවත් වෙන්න. එජාපයට කිසිම වාසියක් නෑ. මේ විනාශයට එක්සත් ජාතික පක්ෂය වග කියන්න ඕන.
Wednesday, December 13, 2017
"මාවයි සිරිසේන මහතායි වෙන් කිරීමෙන් කාටවත් වාසියක් නෑ"
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment