දිගින් දිගටම වැඩ වර්ජනයේ නිරත වන දුම්රිය සේවකයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කර දඬුවම් දිය යුතු යයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.
දුම්රිය වෘත්තීය සමිතිවල ඉල්ලීම් අසාධාරණ බවත් දැනටත් දුම්රිය
රියදුරෙකුට මසකට රුපියල් දෙලක්‍ෂ විසිපන්දහසක පමණ වැටුපක් ලැබෙන බවත් ඔහු සදහන් කරයි. දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවයක් බවට පාර්ලිමේන්තුවේදී සම්මත කල බවත් දැන් එම නීතිය ක‍්‍රියාත්මක නොකලහොත් ආණ්ඩුව සවුත්තු වන බවත් ඔහු කියා සිටී.
මේ අතර වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් විසින් ආරම්බ කර ඇති වැඩ වර්ජනය අද හත්වන දිනටත් ක‍්‍රියාත්මකය. අද දිනයේ ඇමති මණ්ඩල අනු කමිටුව සමග තීරණාත්මක සාකච්චාවක් පවත්වන බවත් එහිදී ලැබෙන පිලිතුරු මත තීරණයක් ගැනීම සූදානම් වන බවත් දුම්රිය වෘත්තීය සමිති සදහන් කරයි.
Wednesday, December 13, 2017
දුම්රිය වර්ජකයන්ට දඬුවම් දිය යුතුයි.. නැතොත් ආණ්ඩුව සවුත්තු වෙනවා..- ෆොන්සේකා
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment