"ඒකාබද්ධයේ දෙදරීමක් නැහැ" - රෝහිත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 13, 2017

"ඒකාබද්ධයේ දෙදරීමක් නැහැ" - රෝහිත

ඒකාබද්ධ විපක්‍ෂයෙන් යන අය වගේම අලුතෙන් එකතුවීමටත් පිරිසක්‌ සූදානමින් සිටින බවත් එය ළඟදීම බලාගැනීමට හැකිවනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේදී ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය. ඔළුගෙඩි මාරුවුණා කියා ඒකාබද්ධ විපක්‍ෂයේ දෙදරීමක්‌ හෝ කෑලිවලට කැඩීමක්‌ සිදු නොවන බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව ද හෙතෙම සඳහන් කළේය.

කඳවුරු කඩාගෙන ගිය අයට ගෙනයන්න පුළුවන් වන්නේ ඔවුන්ගේ ඔළුගෙඩිය පමණක්‌ බව පැවසූ මන්ත්‍රීවරයා කවුරු ගියත් මහින්ද රාජපක්‍ෂ මහතා නැවත මේ රටේ ජනතාව ඉල්ලා සිටින බව පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad