අවුරුදු 24ක් අධි ශීතකරණයේ තිබුන කළලයකින් දරු උපතක් (Photos) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 22, 2017

අවුරුදු 24ක් අධි ශීතකරණයේ තිබුන කළලයකින් දරු උපතක් (Photos)



ලෝකය පවතින්නේ ගැහැණිය හා පිරිමියකුගේ එකතු වීමකින් කිව්වොත් හරි. ඒත් මේ ලෝකේ ගොඩක් පවුල් දරුවන් නැතිව දුක් වෙනවා. මේ කියන්න යන්නේ ඒ වගේ දරු සුරතල් බලන්න ආසාවෙන් හිටපු දෙමාපිය යුවළකට වෙනත් යුවළකගේ ඩිම්බ හා ශුක්‍රාණු එකතුවෙන් බිහි වුණු බිළිඳියක් ගැන.
මේ දරු උපත ගැන ලෝකයම කතා කරන්න හේතුව වුණේ මේ කළලය අම්මගේ ගර්භාශයේ වැඩමින් ඉපදුන බබෙක් නොවෙන නිසා. මොකද මේ කළලය(embryo) අවුරුදු 24ක් අධි ශීතකරණයේ තිබිලා ඊට පස්සේ ගර්භාෂයේ තැන්පත් කළ නිසා.
අවුරුදු 25 කට ආසන්න කාලයක් අධි ශීතකරණයේ තිබුන මූලික අවස්ථාවේ කලලයකින් දරුවෙකු බිහි වීමේ මේ පුවත වාර්තා වන්නේ එක්සත් ජනපදයෙන්. මේ බිළිදියට ඉපදුන මූලික අවස්ථාවේ කළලය (embryo) ඩිම්බ බැංකුවකට ලබා දීලා තියෙන්නේ ඇමරිකානු යුවලක්. මූලික අවස්ථාවේ කළලය ඩිම්බ බැංකුවට දීලා තියෙන්නේ මීට අවුරුදු 24 කට කලින්. මේ කළලය ඩිම්බ බැංකුවකට ලබා දෙන කොට දැන් අම්මගේ වයස අවුරුදු එකහාමාරක්.
ශීතකරණයේ තිබුන කළලය අම්මගේ ගර්භාෂයේ තැන්පත් කරලා තියෙන්නේ 2017 මාර්තු මාසයේදී. මේ කළලය වර්ධනය වෙලා බිළිදියක විදිහට මේලොව එලිය දුටුවේ 2017නොවැම්බර් මාසයේදී. බබාට නම තිය තියෙන්නේ “එමා ව්රෙන් ගිබ්සන්” කියලයි. මේ වෙනකොට බබා සුවයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
“මුලික අවස්ථාවේ කළලය මගේ ගර්භාෂයේ තැන්පත් වෙනකොට මට අවුරුදු විසි පහයි, මේ කළලය ඩිම්බ බැංකුවට ලබා දෙනකොට මට වයස අවුරුදු එකහාමාරයි. ඒ කාලෙම මේ කළලය දරුවකු වුණා නම් ඇය සහ මම හොඳම යාළුවෝ වෙන්නත් ඉඩ තිබුණා. නමුත් ඇය දැන් මගේ දියණිය…ඒ වගේම කියන්න ඕන මට ඕන කළේ දරුවෙකු විතරයි. ඒක ලෝක වාර්තාවක් ද නැද්ද කියන දේ මට වැදගත් නැහැ…”යනුවෙන් මේ වනවිට විසි හය වෙනි වියේ පසුවන ටීනා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.
“මගේ දුව එමා ඇත්තටම අපිට නම් පුදුමයක්.. අවුරුදු 24ක් ශීතකරණයේ කළලය තිබුණත් අපිට නම් දුව ඉපදෙනකොට වෙනසක් තිබුණේ නැහැ. එයා ලස්සනයි. සාමාන්‍ය දරුවෙක් වගේමයි..”එහෙම කියන්නේ දියණියගේ පියා වුන ගිබ්සන්.

No comments:

Post a Comment

Post Bottom Ad