කිතුල්ගල රක්ෂිතයේ විනාශ අත ලගයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 22, 2017

කිතුල්ගල රක්ෂිතයේ විනාශ අත ලගයි



යටියන්තොට ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් කිතුල්ගල රක්ෂිත ප‍්‍රදේශයේ ඉදිකිරිමට යෝජිත කිතුල්ගල පෞද්ගලික කුඩා ජලවිදුලි බලාගාරය හේතුවෙන් බරපතල පරිසර හානියක් සිදුවන බව පරිසරවේදීන් පෙන්වා දෙනවා. මෙම රක්ෂිතයේ මෑත කාලිනව ජෛව විවිධත්වය අතින් වැදගත් සොයාගැනීම් රැසක් වාර්තා වූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ සඳහන් කළේ පාරිසරික වටිනාකමක් සහිත කිතුල්ගල පාරිසරික පද්ධතිය තුළ ජලවිදුලි බලාගාර ඉදිකළ හොත් ඉදිරියේදී පාරිසරික අර්බුදය රැසක් ඇතිවිය හැකි බවයි. කුඩා ජලවිදුලි බලාගාර මගින් ජාතික විදුලි අවශ්‍යතාවට සැළකිය යුතු සහනයක් නොලැබෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
ජෛව විවිධත්වය සම්බන්ධයෙන් අධ්‍යයනයන් සහ ගවේෂණයන් සිදුකරන පාර්ශව සඳහා කිතුල්ගල රක්ෂිත ප‍්‍රදේශයට සිදුවන මෙම හානිය අවාසි සහගත බවද මෙහිදී අවධාරණය කෙරුණා.

No comments:

Post a Comment

Post Bottom Ad